iPhone 12 Mini එකට තරඟ කරන්න Android Mini device එකක් එන්නේ නැති වෙයිද?

iPhone 12 Mini එකට තරඟ කරන්න Android Mini device එකක් එන්නේ නැති වෙයිද?

iPhone lineup එකේ අලුත්ම සාමාජිකයා වන iPhone 12 Mini එක ගැන reviews බොහොමයක් මේ වෙද්දී නිකුත් වී තිබෙනවා. Small කියන category එකේ දැනට තියෙන හොඳම phone එක කියල  (Wired.com) කිව්වත් මේකේ battery life එක නම් විවාදයට බඳුන් වෙන දෙයක්. (Engadget, Verge)

iPhone 12 Mini. /engadget.com

නමුත් හැම reviewer කෙනෙක්ම මේ battery ප්‍රශ්නේ ගැන වද වෙන්නෙත් නෑ. මොකද phone එක පොඩි නිසා battery ය පොඩියි, ඉතින් ඒ හා සමානව battery life එකත් අඩුයි.

ඇයි iPhone Mini කියල version එකක් release කරන්නේ?

කලින් iPhone SE එක වගේම Mini එකටත් හේතුව තමයි පරිභෝගිකයින්ට flagship phone අවශ්‍යයි. ඒත් හොඳම specs තියෙන ලොකුම size එකෙන්ම නෙමෙයි. Specs වැඩිම ඒත් පොඩි size එකේ phone එකක් අවශ්‍ය පාරිභෝගිකයින් පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ market එකට තමයි මේ iPhone Mini හා කලින් SE කියන version ආවේ.

2020 ජුනි වෙද්දී iPhone sales. තද නිල් ඇත්තේ SE. (Sales වලින් 20%කට ආසන්න)

එතකොට Android Mini නැද්ද?

iPhone වලින් Android පැත්තට ආවොත්, අපිට හොඳම specs තියෙන (flagship) ඒත් පොඩි size එකේ (iPhone 12 Mini screen එක අඟල් 5.4යි)  Android phone එකක් ගන්න පුළුවන්ද?

Samsung Galaxy S10 E එක (අඟල් 5.8), Pixel 4a එක (5.8") වගේ උදාහරණ දෙන්න පුළුවන්. ඒත් අර iPhone එකේ වගේ අලුත්ම specs ඒවගේ නෑ. 12 Mini එකේ 5G connectivity ත් තියෙනවා.

එන්න එන්නම screen එක ලොකු කරන්නේ අපේ කැමත්තටද?

ඒකට උත්තරේ "නෑ" වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද screen එක කියන්නේ අපිට phone එකක හැම වෙලේම පේන දේ විතරයි.

නමුත් battery ය; මොනවා කරන්නත් අවශ්‍ය මේ batteryයට ලොකු ඉඩක් දෙන්න, එහෙම කරලා තමන්ගේ තරඟකරුවන්ට වඩා ටිකක් හරි ලොකු battery life එකක් තියාගන්න තමයි phone නිෂ්පාදකයෝ එන්න එන්නම phone size ලොකු කරන්නේ.

Android Authority විසින් කළ battery test එකක results.

මේ වෙද්දී අඟල් හතේ සීමාවට ලං වෙන phone screens තියෙන බව ඔබ දන්නවා. Galaxy Note 20 Ultra, S20 Ultra අඟල් 6.9යි. OnePlus 8 Pro අඟල් 6.78යි. Mi 10 Pro 6.67යි.

ඔව්, android phone නිෂ්පාදකයින්ට පුළුවන් නම් ඔවුනුත් පොඩි phone හදයි, එත් flagship specs තියෙන අඟල් 5 හමාරක android phone එකක් දැන් හදන්න බැරි මේ බැටරිය කියන සාධකය හින්දා.

ඒ වගේම Apple භාවිතා කරන hardware, software බහුතරය ඔවුන්ගේම දේවල්. ඉතින් ඔවුන්ට කිසිම android phone එකකට බැරි විදිහකට තමන්ගේ phones හැම අතින්ම optimize කරන්න පුළුවන්.

මේ වාසි එකක්වත් Android phone නිෂ්පාදකයින්ට නෑ. ඉතින් එහෙම optimize කිරීමක් කරලත් මේ අලුත් iPhone 12 Mini එකේ battery life හොඳ නෑ කියල බහුතර reviewers ල කියනවා නම්, ඒ වාසි මොකුත් නැති Android phone නිෂ්පාදකයෝ flagship specs තියෙන පොඩි phones හදන්නේ නැති හේතුව ඔබට දැන් පැහැදිලි ඇති.

/gizchina.com

නමුත් 2021 එන්න නියමිත Snapdragon 875 වගේ processors වල power efficiency එක සැහෙන්න වැඩි වගේම size එකත් කුඩා වෙන බවට මත පළවෙනවා. ඉතින් මේ processors යොදාගෙනවත් ඊළඟ අවුරුද්දේ iPhone SE එකට, 12 Mini එකට අභියෝග කරන්න පුළුවන් android phone එකක් release වුනොත් ඒ පොඩි phones වලට කැමති android market එක පියවන්න පුළුවන් වෙයි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara