නව වසර ආරම්භයේදී ඔබගේ ජංගම දුරකතනයට පැමිණෙන නාඳුනන ඇමතුම් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි

නව වසර ආරම්භයේදී ඔබගේ ජංගම දුරකතනයට පැමිණෙන නාඳුනන ඇමතුම් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි

නව වසර ආරම්භයේ දි ඔබ දුරකථනයට පැමිණෙන විවිධ දුරකථන ඇමතුම් හා පණිවිඩවලින් ප්‍රවේසම් වෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා අද ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ තව දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති ප්‍රකාශ කර සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දුරකථන ඇමතුම් හා පණිවුඩ එවමින් මුදල් වංචා කරන පුද්ගලයින්ගෙන් නව වසර ආරම්භයේ දි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බව ඔහු දක්වනවා. බොහෝ විට මෙලෙස ලැබෙන දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් ත්‍යාග මුදලක් හෝ ත්‍යාගයක් හිමි වන බව දැක්වෙනවා.

එමෙන්ම විදෙස් රටක සිටින මිතුරෙකු නව වසර සදහා ත්‍යාගයක් එවන බවට පවසා එම ත්‍යාගය නිදහස් කර ගැනිමට යම් මුදලක් අවශ්‍ය බව පවසා එම මුදල තැම්පත් කරන ලෙසට සමාජ ජාලා ඔස්සේ විවිධ පණිවිඩ ලැබිය හැකි බවටත් එලෙස ලැබෙන ඇමතුම් හෝ පණිවිඩවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එවැනි වංචනික පණිවුඩ හෝ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙසත් එලෙස නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් පොලීසිය  දැනුම් දෙනවා.

මේ වන විට දේශීයව පුද්ගල කණ්ඩායම් විසින් මෙන්ම සංචාරක වීසාවලින් ලංකාවට පැමිණ සිටින විදේශිකයින් විසින් ද මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Source : Hiru News

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna