SLT ආයතනය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ජනාධිපතිගේ පාලනයට

SLT ආයතනය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ජනාධිපතිගේ පාලනයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය, ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව තමා යටතට ගන්නා බව දන්වා තිබෙනවා.

එම ගැසට් පත්‍රයේ වත්මන් අමාත්‍යාංශවල සහ එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති ආයතනවල නිශ්චිත රාජකාරි සහ කාර්යයන් දක්වා ඇති අතර රාජ්‍ය ආයතන ගණනාවක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය, ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වන ආයතනවල පාලනය හිමිවනවා.  මීට අමතරව කොළඹ නෙළුම් කුළුණ ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන තිබෙනවා.

Source - Colombo Gazette

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna