ප්‍රෙෂර් කුකර් එකෙන් ගෑස් ගෙදරදීම හදාගැනීමේදී සහ ගෙදරදීම සබන් සාදාගැනීමේදී ඇති විය හැකි මේ අවදානම් වලට පෙර සූදානම් වෙන්නේ මෙහමයි

ප්‍රෙෂර් කුකර් එකෙන් ගෑස් ගෙදරදීම හදාගැනීමේදී සහ ගෙදරදීම සබන් සාදාගැනීමේදී ඇති විය හැකි මේ අවදානම් වලට පෙර සූදානම් වෙන්නේ මෙහමයි

මේ දවස්වල සබන්, ගෑස් ඉතාම මිල අධික නිසා සබන්, ගෑස් වගෙ දේවල් ගෙදරීම නිෂ්පාදනය කරන්න බොහෝ දෙනා පෙළඹෙමින් ඉන්නවා. මේව ගෙදරදී හැදුවට කමක් නැහැ, හැබැයි හදන්න කලින් නිසි ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අපි මේ ලිපියෙන් මේ ගැනත් ටිකක් බලමු.

ගෙදරදීම ගෑස් නිපදවා ගැනීම

මම දැක්කා යම් තැනක LP ගෑස් වෙනුවට Carbide පාවිච්චි කරලා ප්‍රෙෂර් කුකර් එකක් භාවිතයෙන් ගෑස් නිපදවනවා. ඔයාලා නොදන්නවා වුණාට Carbide වලට වතුර දාපුවාම එන්නෙ C2H2 ( ඇසිටලින් ).

Carbide (CaC2) + Water (H2O) = Acetylene (C2H2)

ඇසිටලින් කියන්නෙ වෙල්ඩින් සඳහා භාවිතා කරන අධික ලෙස ගිනිගන්නා වායුවක්. මේ වගෙ වායුන් එක්ක කටයුතු කරද්දි බොහොම ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතුයි. නැතිනම් ජීවිත හානියක් පවා සිදු විමේ අවස්ථාව පවතිනවා. මේ ඇසිටලින් කියන අධික දහනශීලි වායුව එක්ක මම වෘත්තිමය වශයෙන් වැඩ කරන නිසා මේ උපදෙ​ස ඔයාලට ලබා දෙන්නේ.

මොකද මේක​ට භාවිතා කරන ප්‍රෙෂර් කුකර් එකට දරාගන්ඩ පුළුවන් උපරිම පීඩනයක් තියෙනවා. ඔයාලා හරියට Chemistry ගැන අවබෝධයක් නැතුව මේවා නියමිත අනුපාතයට කළවම් නොකරොත් මේ ප්‍රෙෂර් කුකර් එක අනිවාර්යෙ​න් පුපුරනවා. ​ඒ කියන්නෙ ප්‍රෙෂර් කුකර් එකට දරාගන්න පුළුවන් උපරිම පීඩණ මට්ටමක් තියෙනවා කියන එක​යි. සාමාන්‍ය වෙළෙඳපොළේ තියෙන ප්‍රෙෂර් කුකර් එකකට පුළුවන් 0.8bar - 1bar අතර වගෙ පීඩනයක් දරාගන්න විතර​යි. නමුත් වවෙළෙඳපොළට නිකුත් කරන 8.7Kg (50L) විතර Acetylene Cylinder එකක් නිපදවන්නෙ 40bar (580psi) වගේ විශාල පීඩනයක් දරාගන්න පුළුවන් විදිහටයි.

අනික කාරණය ලෙස පීඩනෙ වැඩි නොවෙන විදිහට සරිලන අනුපාතෙට ඔයාලා මේ Carbide හා Water මිශ්‍ර කරාගත්තා කියමුකො, නමුත් අවධානම තවම ඉවර නැහැ. දැන් තමා නිය​ම අවධානම පටන් ගන්නෙ. ඔයාලා මේක ගෑස් ලිපට සම්බන්ද කරලා ගින්දර දල්වද්දි ඔයාලා නොදැනුවත්වම මේ ගිනි පුළිඟුව ගෑස් බටේ දිගෙ ආපස්සට යන්ඩ පුළුවන්. එහෙම ගියොත් ප්‍රශර් කුකර් එක පිපිරෙනවට වඩා ලොකු විනාශයක් වෙලා තමා නතර වෙන්නෙ.

ඔයාල මේක දැක්කත් මේකට ඔයාලට පියවරක ගන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. මොකද මේ ගින්දර ඔයාලගේ ගෑස් බටේ හරහා ගෑස් නිපදනවන ප්‍රෙෂර් කුකර් එක වෙත ගමන් කරන්නෙ ශබ්දයේ වේගය වගේ දෙගුණයක වේගයකින්. ඒ කියන්නේ 2450 km/h වගෙ වේගයක්. තවත් සරලව තේරෙන විදිහට කිව්වොත් ඔයාලා ඇහිපිල්ලමක් ගහන වේගෙට වඩා වේගෙකින් මේ ප්‍රෙෂර් කුකර් එකට මේ ගිනි පුලිඟුව ලඟාවෙනවා.

මේක වලක්වා ගන්න බටේ අගට Flashback Arrestor එකක් පාවිච්චි කළ යුතුයි. Acetylene Cylinder වලත් දැකලා ඇති බටේ අගට පොඩි පිත්තල බට කෑල්ලක් වගෙ එකක් එනවා, අන්න ඒකට තමා Flashback Arrestor කියන්නෙ. මෙකෙන් කරන්නෙ අර ගිනි පුලිඟුව බටේ හරහා ආපස්සට යන එක වලක්වන එක. Chemistry ගැන දැන ගත්තට ඔලුවට එන අලුත් අදහස් ක්‍රියාත්මක කෙරුවට කමක් නැහැ, හැබැ​යි ආරක්ෂාව සියල්ලටම ප්‍රථමයෙන්.

ගෙදරදීම සබන්න් සාදාගැනීම

අනිත් එක තමා ගෙදරි සබන් හදන්​න පාවිච්චි කරන Caustic Soda (NaOH) බෑලු බැල්මට මේස ලුණු වගේ පෙනෙන නිසා පොඩි අය එහෙම මේවා අල්ලන්​න, කටෙ දාගන්​න වගෙ දේවල් වලට පෙළඹෙන්න පුළුවන්.

මේ Caustic soda කියන්නෙ මිනිස් ශරීරයට අධික ලෙස හාණි පමුණවන්න පුළුවන් රසායණික ද්‍රවයක්. මේ Caustic soda වැරදීමකින් හෝ ඇසේ තැවරීමෙන්, සමේ තැවරීමෙන් පිළිස්සුම් තුවාල ඇති කරවිය හැකි​යි. ​ඒ නිසා පාවිච්චි කරන සෑම විටම අඩුම ගානෙ Medical Gloves එකක් පාවිච්චි කිරීමට වග බලාගන්​න. නමුත් පාවිච්චි කළ යුත්තේ Latex හෝ nitrile Gloves තමා. ඒ වගේම මේවා ආහාර ජීර්ණ පද්ධතියට මුසු වීමෙන් හෝ අධික ලෙස ආශ්වාස කිරීමෙන් පෙනහළු වලට ස්ථිර හානි හෝ ඔබට මරණය ගෙන දිය හැකියි.

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේවට නිරාවරණය උනොත් වෛද්‍ය ආධාර පැමිණෙනකන් ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේද කියලා.

  • ඇ​සේ තැවරුනොත් ගලා යන පිරිසිදු ජලයෙන් විනාඩි 30ක් පමණ සොදා හැරිම. හැකි තරම් ඉක්මනින් ලඟම සිටින වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.
  • සමේ හෝ ඇඳ සිටි ඇඳුමෙහි තැවරුනොත් හැකි පමණ ඉක්මනින් ඇඳ සිටින ඇඳුම් ඉවත් කරන්​න. අවම වශයෙන් විනාඩි 15ක් වත් ගලා යන පිරිසිදු ජලයෙන් සම සෝදා හරින්​න. හැකි තරම් ඉක්මනින් ලඟම සිටින වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.
  • ආශ්වාස වීමක් සිදු වුවහොත් ආශ්වාස වීම සිදු වූ පුද්ගලයා හැකි පමණ ඉක්මනින් එම ස්ථානයෙ​න් පිරිසිදු වාතය ඇති විවෘත තැනකට ඉවත් කරගන්​න. ආශ්වාස වීමට ලක් වූ පුද්ගලයාගේ හුස්ම ගැනීම අසාමාන්‍ය යයි නම් (CPR) කෘතිම ස්වසනය ලබා දීම ආරම්භ කරන්ඩ. මේක කරන්ඩ පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ​ඒ ගැන ඔයාලා දන්නෙ නැත්තන් යටින් කමෙන්ට් එකක් දාන්​න මම ඒ ගැන වෙනමම ලිපියකින් කියලා දෙන්නම්.

ඉතින් මම නැවතත් කියන්නේ මේවා පාවිච්චි කරාට කමක් නෑ, නමුත් නිසි ක්‍රියා පටිපාටියකට අනුව ආරක්ෂක විධි විධාන වලට අනුව භාවිතා කරන්න කියලා. මතක තියාගන්ඩ රුපියක දෙකක ලාභය බැලුවා වගේ නෙමේ, රුපියලේ දෙකේ ලාභය මරණයකින් කෙළවර උනොත්. ඒක නිසා මතක තියා ගන්න හැමතිස්සෙම Safety First.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna