New York Timesහි හෙළිදරව් කිරීමෙන් පසුව Pornhub විසින් download කිරීම අවහිර කරයි, Upload කිරීම content partnersලාට පමණයි

New York Times පුවත්පත තුලින් සිදුකල හෙළිදරව් කිරීමෙන් පසුව Pornhub සිය සේවාවේ සැලකිය යුතු වෙනස්කම් හඳුන්වා දී ඇත.

New York Timesහි හෙළිදරව් කිරීමෙන් පසුව Pornhub විසින් download කිරීම අවහිර කරයි, Upload කිරීම content partnersලාට පමණයි

New York Times පුවත්පත තුලින් සිදුකල හෙළිදරව් කිරීමෙන් පසුව Pornhub සිය සේවාවේ සැලකිය යුතු වෙනස්කම් හඳුන්වා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් Pornhub කියා සිටියේ ඔවුන්ගේ වෙබ් අඩවිය තුල ඇති නීතිවිරෝධී අන්තර්ගතයන් ඉවත් කිරීමට සැමවිටම කැපවී සිටින බවත්, එහි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් පියවර ගනිමින් සිටින බවත්ය. verified  නොකළ පරිශීලකයින්ගෙන් Video upload කිරීම නැවැත්වීම සහ සමහර විඩියෝ පට downloads තහනම් කිරීමද මෙයට ඇතුළත් ය.

මේ වන විට, Pornhub වෙත videos upload කළ හැක්කේ content partners සහ Model Programmers වරුන්ට  පමණි. සියලුම පරිශීලකයින්ට වීඩියෝ uload කිරීමේ හැකියාව ලබා දෙන verification ක්‍රියාවලියක් නව වසරේදී හඳුන්වා දෙනු ඇත, නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා "identification protocol" සම්පූර්ණ කිරීමෙන් පසුව පමණි.

මීට අමතරව, පෝර්න්හබ් බාගත කිරීම් දැනට නවතා දමා ඇති අතර, verified Model Program තුළදි පමණක් ගෙවීම් කර බාගත කිරීම එකම ක්‍රමය ලෙස විවෘත කර ඇත.. සමාගම පවසන්නේ "අපගේ ඇඟිලි සලකුණු තාක්‍ෂණයට සමගාමීව, මෙය දැනටමත් වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති අන්තර්ගතයට නැවතත් ඇතුලත් කිරිමට ඇති හැකියාව අවම කරනු ඇති" බවයි.

අනෙකුත් වෙනස්කම් අතරට දැනටමත් උඩුගත කර ඇති නීතිවිරෝධී අන්තර්ගතයන් ඉවත් කර දැමීම සහ අලුත් කර ඇති  ක්‍රියාවලියේ යම් යම් ගැටලු සහ බිඳවැටීම් හඳුනා ගැනීම සඳහා කැපවූ "Red Team" නමින් කන්ඩායමක්ද ඔවුන් පිහිටුව‍ා ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ නිකලස් ක්‍රිස්ටෝෆ්ගේ වාර්තාව මගින් පෝර්න්හබ් හි ස්ත්‍රී දූෂණ සහ බාල වයස්කාර දැරියන් ලිංගික අතවරයට ලක්වන අයුරු දැක්වෙන විඩියෝ ක්ලිප් විශාල සංඛ්‍යාවක් පෙන්වා දුන් අතර සමාගම විසින් මෙම වීඩියෝ වලින්  මුදල් උපයා ඇති බවට චෝදනා කරයි. Spycam වීඩියෝ සහ revenge කාමුක දර්ශන ඇතුළු වෙනත් නීති විරෝධී අන්තර්ගතයන් ද ලිපියේ ලේඛනගත කර ඇත.

NYT විසින් මෙම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ළමා අපයෝජන චෝදනා පිළිබඳව MindGeek's bank බැංකුව විමර්ශනයක් කළ අතර, සමාගම විසින් ලෝකයේ ජනප්‍රියම කාමුක දර්ශන වෙබ් අඩවියකට භාවිත කරන්නන් විසින්  කරන Visa සහ Mastercard ගෙවීම් භාර ගැනීම නතර කළ හැකි යැයි පවසා ඇත.

Porn hub සිදු කරනවා යැයි පවසන වෙනස්කම් ගැන කතා කරමින් ක්‍රිස්ටෝෆ් Tweet කරමින් පවසා තිබුනේ, “Pornhub මේවා කොතරම් වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරන්නේද , වෙබ් අඩවියේ දැනටමත් ඇති අතීත අන්තර්ගතයන් පරීක්‍ෂා කර හෝ ඉවත් කර තිබේද යන්න මත ඉදිරියේදි නිතිමාර්ග වලට යැම පිළිබදව මා තිරණ ගැනිමට කටයුතු කරමි" යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. "අඛණ්ඩ ව එය පිලිබද අධීක්ෂණයක් සිදු වනු ඇති බවත්, XVideos වැනි අඩවි තුල දැනටමත් Pornhub වඩා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින අතර අඩුපාඩුකම් අඩුය. ඒ හා සමාන ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට බල කළ යුතුය.” යන්න ඔහු තව දුරටත් පැවසිය.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara