OBS සහය දැන් Apple silicon processors වලට​ත්

OBS සහය දැන් Apple silicon processors වලට​ත්

OBS කියන්නේ Livestream සඳහා වඩාත් ජනප්‍රිය Platform එකක් බව ඔබ හොඳින්ම දන්නවා ඇති. මෙය macOS භාවිතා කරන්නන් සඳහා සෑහෙන කාලයක සිට ලබා ගත හැකි වුවද, OBS දැනට සම්පූර්ණයෙන්ම සහය දක්වන්නේ Intel processors සහිත Mac පරිගණක වලට පමණකි. කෙසේ වෙතත් OBS විසින් පසුගිය දා OBS Studio 28 නම් පළමු Beta Version එක නිකුත් කරන ලදී. එය Apple Silicon Chipset මත ක්‍රියාත්මක වීම පමණක් නොව එහි නව විශේෂාංගද අඩංගු වනවා.

OBSහි සංවර්ධකයින් විසින් පවසා ඇති පරිදි, OBS Studio හි නවතම Beta Update එක අවසානයේ Apple Silicon Chipsets OBS සඳහා සම්පූර්ණයෙන්ම සහය ලබා දෙනු ලබනවා. මෙයින් අදහස් වන්නේ M1 සහ M2 Chip සහිත Macs වල OBS භාවිතා කරන විට සැලකිය යුතු කාර්ය සාධනයකින් ඉහළ නංවන බවයි.

Apple Macs වල දැනට Rosetta මඟින් බොහෝ අවස්ථාවලදී ප්‍රධාන ගැටළු නොමැතිව Intel සඳහා නිර්මාණය කළ යෙදුම් run කළ හැකි වනවා. කෙසේ වෙතත්, ඒ තුළින් මෙම යෙදුම් වලට Apple Silicon Chipset වල සම්පූර්ණ ක්‍රියාකාරිත්වයෙන් ප්‍රයෝජන ගත නොහැක. යෙදුමකට සම්පූර්ණයෙන්ම Apple Silicon Chipset වල සහාය ඇති විට, එය වේගයෙන් ක්‍රියා කරනවා පමණක් නොව අඩු බලයක් ද පරිභෝජනය කරනු ලබනවා. එය MacBook භාවිතා කරන්නන් සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා

මෙම 28 beta version එකෙහි නව විශේෂාංග ලෙස 10-bit HDR වීඩියෝ සඳහා සහය දැක්වීම සහ එමෙන්ම macOS මත ඉහළ කාර්යසාධනයක් සහිත screen capture කිරීම සඳහා නව Screen Capture Kit API සඳහාද සහය දැක්වීම පෙන්වා දීමට පුළුවන්.

කෙසේවෙතත් මේත් සමඟම OBS Studio 28 update එක තුළින් Windows 7 සහ 8, macOS 10.13 සහ 10.14, සහ Ubuntu 18.04 සමඟ OBS වෙත ඇති සහාය දැක්වීම නවතා දමනු ලබනවා. එමෙන්ම මෙය තවදුරටත් 32-bit මෙහෙයුම් පද්ධති සදහාද සහාය නොදක්වනු ඇත.

Sources: 9to5 Mac

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara