Android සහ iOS පරිශීලකයන්ට WhatsApp Polls විශේෂාංගය නිකුත් කර​යි

Android සහ iOS පරිශීලකයන්ට WhatsApp Polls විශේෂාංගය නිකුත් කර​යි

WhatsApp Conversations තුළ මනාප ප්‍රකාශ කිරීමේ (Polling) විශේෂාංගයක් Meta සමාගම විසින් සංවර්ධනය කරමින් සිටි අතර මෙම විශේෂාංගය දැන් ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට නිල වශයෙන් ලබා දීමට ආරම්භ කොට තිබෙනවා.

මේ Polling feature එක Private සහ Group Chat ‍යන දෙකෙහිම භාවිත කර හැකි අතර එක Poll එකක් සඳහා Options 12ක් දක්වා ඇතුළත් කළ හැකි වනවා. තවද Poll එකක් පළ කළ හැක්කේ අවම වශයෙන් එයට Options දෙකක් ඇතුළත් කළහොත් පමණි. මෙහිදී එක් පරිශීලකයෙකුට එක් Option එකක් තෝරාගත හැකි අතර එය වෙනස් කළ හැක්කේ Poll එක අවසන් වීමට පෙර පමණි.

ඔබ Android උපාංගයක් භාවිතා කරන්නේ නම්, 📎 click කරන්න, ඔබ iOS උපාංගයක් භාවිතා කරන්නේ නම්, ➕ click කරන්න. දැන් Poll වෙත ගොස් එහි Ask Question කොටසේ ඔබේ ප්‍රශ්නය type කර අයට අදාළ options ලබා දීමෙන් පසු එය පළ කළ හැකියි.

ඔබට එහි මේ Poll feature එක නොපෙන්වනුයේ නම් ඔබේ WhatsApp යෙදවුම යාවත්කාලීන කිරීමෙන් ලබා ගත හැකි වනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara