Xiaomi සමාගමට අනුබද්ධිත POCO සන්නාමය ස්වාධීන සමාගමක් ලෙස කටයුතු කිරීමට තීරණය කරයි
POCO මින් පසුවට වෙනස්ම Design එකකින් Xiaomi Devices වලට වඩා වෙනස්ම පාරන ගමන් කරනු ඇත.
![Xiaomi සමාගමට අනුබද්ධිත POCO සන්නාමය ස්වාධීන සමාගමක් ලෙස කටයුතු කිරීමට තීරණය කරයි](/content/images/size/w1200/2020/11/poco-global-announces-that-it-is-now-an-independent-brand.jpg)
මේ වසර මුලදි Xiaomi Indiaහි CEO වෙන Manu Kumar Jain විසින් පල කරන ලද Twitter සටහනකට අනුව ඔහු කියා සිටියේ POCO ස්වාධීන සමාගමක් ලෙස කටයුතු කිරිමට සුදානම් වෙන බවයි.
Excited to share: #POCO will now be an independent brand!
— Manu Kumar Jain (@manukumarjain) January 17, 2020
What started as a sub-brand within Xiaomi, has grown into its own identity. POCO F1 was an incredibly popular phone. We feel the time is right to let POCO operate on its own.
Join me in wishing @IndiaPOCO all the best.
ඒ අනුව නිල POCO Global Twitter ගිණුම විසින් පල කර ඇති නිවේදනයට අනුව ඔවුන් විසින් මින් පසුවට Xiaomi සමාගමෙන් වෙනවි ස්වාධීන Brand එකක් විදිහට කටයුතු කරන්න සුදානම් බව දන්වා තිබෙනවා. මේ අනුව ඔවුන් මින් පසුවට වෙනස්ම Design එකකින් Xiaomi Devices වලට වඩා වෙනස්ම පාරන ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ බව ඊයේ නිකුත් POCO M3 Smartphone එකෙනුත් මනාව පිළිඹිබු වෙනවා.
POCO Brand is going independent!
— POCO (@POCOGlobal) November 24, 2020
To POCO fans: We would like to invite you all to join our new journey ahead! pic.twitter.com/kPUMg5IKRO
POCO සමාගමේ ඒ Twitter සටහනට අනුව POCO Brand එන මේ වන විට ලොව පුරා රටවල් 35කට අධික ප්‍රමාණයක වෙළදපොලට පිවිසි තිබෙනවා. ඒවා විදිහට ඉන්දියාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය වැනි රටවල් දක්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ පළමු Smartphone එක වෙන POCO F1 මේ වන විට මිලියන 2.2කට අධික ප්‍රමාණයක් නිපදවා ඇති බවටත් දක්වා තිබෙනවා. එමෙන්ම මේ වන විට ලොව පුරා Smartphone මිලියන 6කට අධික ප්‍රමාණයක් අලෙවි නර පවතිනවා.
ඒ වගේම POCO සමාගමක් ලෙස ස්වාධීන විමත් සමග මේ Brand Promise තුන ලබා දි තිබෙනවා.
- Technology that matters
- Feedback-based product design
- Ever evolving
මෙලෙස POCO සමාගමක් ලෙස ස්වාධීන විම තුලින් ඉදිරියේදි Xiaomi Devicesවල Rebadged Device ලෙස නොව Original POCO Designed Devices විදිහට වෙළදපොලට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම Smartphone නිෂ්පාදනයට අමතරව Battery Packs හා Wearables නිෂ්පාදනයට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ තුලින් ඉදිරියේදි බොහෝ විට POCO Pop Buds ලෙස Audio Pros ද ඔවුන්ගේන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Sources : Gizmochina