WhatsAppහි Chat එකක් තුළ Message Pin කිරීමේ පහසුකමක් නුදුරේදීම

දිගින් දිගටම WhatsApp සඳහා නව පහසුකම් හඳුන්වා දුන්නත් පරිශීලකයන් බොහෝ කලක සිට ඉල්ලූ පහසුකමක් ලෙස Message Pin කිරීම හඳුන්වාදිය හැකියි. WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Meta සමාගම විසින් එම පහසුකම හඳුන්වාදීමට සූදානම් වනවා.

WhatsAppහි Chat එකක් තුළ Message Pin කිරීමේ පහසුකමක් නුදුරේදීම

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


දිගින් දිගටම WhatsApp සඳහා නව පහසුකම් හඳුන්වා දුන්නත් පරිශීලකයන් බොහෝ කලක සිට ඉල්ලූ පහසුකමක් ලෙස Message Pin කිරීම හඳුන්වාදිය හැකියි. WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Meta සමාගම විසින් එම පහසුකම හඳුන්වාදීමට සූදානම් වනවා.

ඉහත Screenshot එකෙහි දැක්වෙන පරිදි යම් කිසි Message එකක් මත Long Press කර සිටින විට මෙම Pin Icon එක දැකිය හැකිවනවා. එය Click කර පසුව Conversation එක තුල එම Message එක කොතරම් කාලයක් Pin විය යුතුද යන්න ලබාදිය හැකියි. මෙලෙස Message එකක් Pin කිරීමෙන් පසුව Chat Screen එකෙහි Header එකට පහළින් වෙනම Section එකක් ලෙස 📌 සළකුණත් සමඟ එම Messages දිස්වනු ලබනවා. එය මත Click කල පසු අදාළ Message එක Chat එක තුළ ඇති ස්ථානය වෙත ස්වයංක්‍රීයවම ගෙන යනු ලබනවා.

තවද මෙම Message Pin කිරීමේ පහසුකම Group Chat වල මෙන්ම Private Chats වලද භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයක්. මීට අමතරව ඉහත Screenshot එක තුලින් Attachment Menu එකෙහි Square Boxes සහ Rounded Edges සමඟ Re-Design කිරීමක්ද දක්නට ලැබෙනවා.


මෙම විශේෂාංග තවමත් තෝරාගත් Beta පරිශීලකයන් කිහිපයක් සඳහා පර්‍යේෂණ මට්ටමේ ඇති අතර නුදුරේදීම සියලුම Android/iOS පරිශීලකයන් සඳහා බලාපොරොත්තු විය හැකියි.

ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara