iPhones සඳහා Microsoft Phone Link සහාය සියලුම Windows 11 පරිශීලකයන්ට

Microsoft Phone Link පහසුකම ඔස්සේ Windows පරිගණක සඳහා Apple iPhones සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් මේ මස මැද බාගයේදී පමණ මෙය සියලු Windows පරිශීලකයන් සඳහාත් ලැබෙනු ඇතැයි තොරතුරු වාර්තා වුවා.

iPhones සඳහා Microsoft Phone Link සහාය සියලුම Windows 11 පරිශීලකයන්ට

ඔබට මතක ඇති පසුගිය දිනක Microsoft Phone Link පහසුකම ඔස්සේ Windows පරිගණක සඳහා Apple iPhones සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් මේ මස මැද බාගයේදී පමණ මෙය සියලු Windows පරිශීලකයන් සඳහාත් ලැබෙනු ඇතැයි අප තොරතුරු වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ (මැයි 06) දින සිට සියලුම Windows 11 පරිශීලකයන් සඳහා මෙම පහසුකම භාවිත කිරීමේ හැකියාව Microsoft සමාගම විසින් නිල වශයෙන්ම ලබා දී තිබෙනවා. මේ පහසුකම ඔස්සේ ඔබගේ පරිගණකය සහ iPhone එක අතර සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට හැකියාව ලැබෙන අතර මින් පසු ඔබගේ වැදගත් ඇමතුම් හෝ පණිවිඩ ආදිය අතපසු වීම පිළිබඳව කලබල විය යුතු නොවනවා.

Image Source - Microsoft.com

Phone Link for iOS ඔස්සේ ඔබට ඔබගේ iPhone එකේCalls, Messages සහ Contacts ආදිය වෙත පරිගණකය ඔස්සේම පිවිසීමේ හැකියාව ලැබෙන අතරම Notifications සඳහාත් ප්‍රවිශ්ඨ විමේ හැකියාව ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පහසුකම් භාවිත කිරීමට නම් ඔබගේ පරිගණකය Windows 11 වලින් සමන්විත විය යුතු අතරම ඔබගේ Apple iPhone එක iOS 14 හෝ ඉට වඩා ඉහළ iOS Version එකකින් සමන්විත විය යුතු විම අත්‍යාවශ්‍ය වනවා.

Sources: Windows Blog

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna