Pixel 7​හි​දී Google Pay හරහා ගෙවීම් කිරීමේදී Face Unlockහිදී ගැටළු පැන න​ගී

Pixel 7​හි​දී Google Pay හරහා ගෙවීම් කිරීමේදී Face Unlockහිදී ගැටළු පැන න​ගී

පසුගිය කාලය තුළ නිකුත් වූ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ Smart Phone එකක් ලෙස Google Pixel 7 සහ Google Pixel 7 Pro හඳුන්වා දිය හැකියි. කෙසේ නමුත් පසුගිය කාලය තුළ සිදුවූ යම් සිද්ධීන් හේතු කොටගෙන Pixel පරිශීලකයන් යම් මතභේදාත්මක ගැටලුවකට මුහුණ දී තිබෙනවා. එනම් Pixel 7 මාදිලියේ දුරකථනයක් ඔස්සේ Google Pay මගින් ගෙවීම් සිදුකිරීමේදී Face Unlock භාවිතා කර දුරකථනය Unlock කළ විට ගණුදෙනුව අසාර්ථක වීමයි.

මෙහි දී සිදුවන ක්‍රියාවලිය වන්නේ යම් පරිශීලකයෙකු විසින් තම Pixel 7 මාදිලියේ දුරකථනය Face Unlock භාවිතයෙන් Unlock කිරීම සිදුකර Contactless Payment (ස්පර්ශයකින් තොරව සිදුකරන ගෙවීම්) සිදුකිරීමේ දී Face Unlock භාවිතා කිරීමට නොහැකි වීමයි. එහි දී නැවතත් පරිශීලකයාගේ Fingerprint ඇතුළත් කිරීමට සිදුවේ. මෙම දෝශය පිළිබඳව සඳහන් කරමින් තැබූ Twitter සටහනක් පහත දැක්වෙනවා.

Reddit සමාජ මාධ්‍යය ඔස්සේ ඉතාමත් වේගයෙන් පැතිර ගිය පුවත මගින් සැලකිය යුතු පරිශීලකයන් පිරිසක් අතර මෙම දෝශය පවතින බවස සනාථ කර තිබෙනවා. කෙසේ නමුත් Google සමාගම මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත් පරිශීලකයන් බොහෝ පිරිසක් මේ සඳහා විසඳුම ලෙස Face Unlock භාවිත අවම කිරීම හෝ එය භාවිතා නොකර සිටීමට පෙළඹ තිබෙන අතරම ඇතැමුන් සඳහන් කරනු ලබන ආකාරයට ඔවුන් Google Pay හරහා ගණුදෙනු කිරීමේදී Verification සඳහා Fingerprint පමණක් භාවිතා කිරීමට ද අවධානය යොමුකර තිබෙනවා.

The Pixel 7 Pro's Biggest Flaw from GooglePixel

කෙසේ වෙතත් Google Pixel 7 මාදිලියේ කැමරා නවීන තාක්ෂණයන්ගෙන් මෙන්ම Machine Learning ඔස්සේ වැඩිදියුණු කර ඇති අතර එය මහත් සේ ජනප්‍රියතාවයට පත් වි හමාරයි. මෙලෙස ඇති වූ දෝශ බොහෝ දුරට වැඩි කාලයක් ගත වීමට ප්‍රථම Google සමාගම විසින් නිරාකරණය කරනු ඇති බවත් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත දුරකථන සඳහා මෙවැනි දෝශ ඇතිවීමේ අවධානම අවම කිරීමට කටයුතු කරනු ඇති බවට සදහන් කරන්න පුලුවන්.

Sources: www.androidauthority.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara