ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් නිමැවුනු Pela Potha Mobile App එක

ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් නිමැවුනු Pela Potha Mobile App එක

Covid- 19 වසංගතය නිසා සියලුම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු විශාල ප්‍රමානයක් දැන් අන්තර්ජාලය හරහා සිදු වේ. දරුවන් වගේම ගුරුවරුද විශාල වශයෙන් දැන් අන්තර්ජාලය හරහා ඉගෙනීම් කටයුතු කිරීමට යොමුවී තිබෙනවා. මේ සමඟම අධ්‍යාපනය සඳහා වැදගත් වෙන websites, mobile applications විශාල සංඛ්‍යාවක් බිහි වෙමින් පවතිනවා.

ලාංකීය දූ දරුවන් සදහා විශාල වශයෙන් අඩුවක් පැවතුනු උසස් පෙළ, සාමාන්‍ය පෙල, ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර දැන් භාෂා ත්‍රිත්වයෙන්ම (සිංහල, දෙමල, ඉංශ්‍රීසි) ලබා ගැනීමට හැකි mobile application එකක් Cyber Yakku කණ්ඩායම විසින් නිපදවා ඇත. මෙපමනක් නොවේ මෙහි තවත් විශාල වශයෙන් වැදගත් දේවල් ඇතුලු කර ඇත. ඒ අතර,

  • පෙළ පොත් grade 12 – 13 (සිංහල, ඉංග්‍රීසි, දෙමළ)
  • 12 – 13 new syllabus 12- 13
  • ගුරු මාර්ගෝපදේශ
  • Past papers grade 5
  • Past papers O/L
  • Past papers A/L
  • අනුමාණ ප්‍රශ්න පත්‍ර
  • Education news
  • Motivation වදන්

වැනි දෑ ඇතුලත් වෙනවා. ඒ වගේම මෙහි Announcement කොටසෙන් දැනට online තාක්ෂණය හරහා නොමිලේ උගන්වන ලද පන්ති වල සබදතා ලින්ක් පහසුවෙන් ලබාගත හැක.

Pela Potha ඇප් එක මගින් ඔබට සියලූම පන්ති සදහා අදාල වූ පෙලපොත් සියල්ලම සිංහල , ඉංග්‍රීසි සහ දෙමළ යන මාධ්‍ය තුනෙන්ම ඩවුන්ලෝඩ් කරගත හැක. ඒ වගේම 12 සහ 13 ශ්‍රේණි සඳහා වන නව විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශ download කරගත හැක අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ  සියලූම Past paper ලබා ගත හැක.

මෙම ඇප් එකේ ඇති ඇති For Teachers කොටසෙන් ඔබට ගුරුවරුන් දෙන ලද සියලුම අනුමාන paper සහ model paper ලබාගත හැක. මෙම ඇප් එක සදහා ප්‍රශ්න පත්‍ර ලබා දීමට කැමති  ගුරුවරු සිටී නම්, Cyber Yakku කණ්ඩායම සම්බන්ධ කර ගත හැක.

මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම පහත ලින්ක් හරහා සිදු කර ගත හැක.

Play Store | Huawei App Gallery

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara