A guidance for caching: Redis කියන්නේ මොකක්ද?

A guidance for caching: Redis කියන්නේ මොකක්ද?

Redis කියන්නේ මොකක්ද?

Simply, Redis කියන්නේ in-memory, key-value database එකක්. ගොඩක් application වලට caching layer එකක් විදියට Redis use කරන්න පුළුවන්.

මොකක්ද caching කියන්නේ?

සරලව කිව්වොත් නිතරම භාවිතා වන data අපිට cache layer එකේ තාවකාලිකව ගබඩා කරන්න පුළුවන්. මේ මගින් data fetch කිරිමට ගත වන කාලය අඩු කරගත හැකියි.

මොනවද Redis භාවිතයෙන් තිබෙන වාසි?

1. Fast Performance: Redis, In-memory data storage එක නිසා සහ එහි පවතින optimized data structures නිසා read and write operations වේගයෙන් සිදු කළ හැකියි.

2. Versatile data structures: Redis විශාල පරාසයක data structures වලට support කරනවා. Ex: String, List, Set, Hash

3. Scalability and High Availability: Redis වල තියෙන්නේ Horizontal Scaling Mechanism එකක්. එමගින් අපේ application වලට ඉතා පහසුවෙන් විශාල workload එකක් handle කිරීමට හැකියාව ලබා දෙනවා.

4. Pub/Sub Messaging: Publisher Subscriber pattern එක භාවිතා කරන application වල එහෙමත් නැත්තම් real time communication සිදුවන application වලටත් Redis භාවිතා කළ හැකියි.

5. GeoSpatial Capabilities: Redis වල පවතින Geo Commands භාවිතා කරලා අපිට location-aware එකක් තියෙන applications පහසුවෙන් නිර්මාණය කල හැකියි.

Advantages වගේම Redis වලත් Drawbacks තියෙනවා.

1. Persistence Challenge: Redis කියන්නේ in-memory data storage mechanism එකක්. එක නිසා data වල durability එක limitation එකක් වෙන්න පුළුවන්.

2. Single-threaded Nature: මේක නිසා highly concurrent workload වලදී bottleneck එකක් ඇතිවිය හැකියි.

අවසාන වශයෙන් Redis වෙනුවට අපිට Memcached භාවිතා කළ හැකියි. නමුත් complex use cases වලදී Memcached වලට වඩා Redis වල performance වැඩියි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara