ජාතික ඉන්ධන කාඩ්පත (National Fuel Pass) සදහා පළමු දිනයේදී මිලියනයකට අධි​ක පිරිසක් ලියාපදිංචි වෙයි

ජාතික ඉන්ධන කාඩ්පත (National Fuel Pass) සදහා පළමු දිනයේදී මිලියනයකට අධි​ක පිරිසක් ලියාපදිංචි වෙයි

මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීම සදහා ඊයේ (16) ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) හදුන්වා දෙනු ලැබුවා. මේ වෙන විට මේ සදහා වාහන හිමියන් මිලියනයකට අධික පිරිසක් ලියාපදිංචි වි සිටිනවා.

කෙසේ වෙතත් හදුන්වා දුන් දිනයේදි හා පසු දින මේ සදහා ලියාපදිංචි විමේදි යම් යම් ගැටලු ඇති වු අතර මේ වෙන විට එම ගැටලු සියල්ලම බොහෝ දුරට විසදා තිබෙන අතර දැන් කිසිදු ගැටලුවකින් තොරව ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි විය හැකි වෙනවා.

මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි විය හැකි ආකාරය පහත විඩියෝ පටය මගින් ඔබට නැරඹිය හැකි වෙනවා.

ඔබ මේ සදහා ලියාපදිංචි වු පසු නැවත මෙම වෙබ් අඩවියට පිවිසිම මගින් ඔබට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය, එම ඉන්ධන ප්‍රමාණය කල් ඉකුත් වෙන දිනය සහ ඔබගේ ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය ආදිය දැන ගත හැකි වෙනවා.

එමෙන්ම ඔබට අදාල ඉන්ධන ප්‍රමාණය සහ ඉතුරැ ඉන්ධන ප්‍රමාණය පහත ආකාරයෙන් බලා ගත හැකි වෙනවා. මේ සදහා FUEL<හිස්තැනක්>BAL<හිස්තැනක්>CAF<හිස්තැනක්>වාහන අංකය යොදා 0766220000 අංකය කෙටි පණිවිඩයක් යැවිය යුතු වෙනවා.

ඔබට ඔබගේ QR කේතය ලබා ගැනිමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් ලබා ගත හැකි වෙනවා.

ශ්‍රී අංක තහඩු ඇති වාහන මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි කිරිමේදි ශ්‍රී අක්ෂරට පෙර ඇති ඉලක්කම් වාහනයේ ඉංග්‍රීසි අකුරැ ඇතුළත් කිරිමට ඇති කොටුවට ද ශ්‍රී අක්ෂරට පසුව ඇති ඉලක්කම් අනෙක් කොටුවට ද ඇතුළත් කිරිම ඔස්සේ සාර්ථකව සිදු කළ හැකි වෙනවා.

මේ සදහා වාහන කාණ්ඩ 06ක් ඔස්සේ ඇතුළත් කර තිබෙන අතර ඉහත ආකාරයේ වෙනවා.

මීට අමතරව වාහන කිහිපයක් භාවිත කරන ව්‍යාපාර හෝ ආයතන සදහාත් භාවිත කළ හැකි ආකාරයට ඉදිරි දිනවලදි වැඩි දියුණු කරන බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් Twitter සටහනක් ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම දැනට ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට එළඹෙන 21 වෙන දින සිට මේ ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබා ගත හැකි වෙනවා.

මේ ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) එක ලබා ගැනිම සදහා ලියාපදිංචි විමේ අපහසුතා ඇති පුද්ගලයන් සදහා ඔබට ලබා දිය හැකි සහය ලබා දෙන ලෙසත් Android වැඩකාරයෝ අපි මතක් කර සිටිනවා.

Sources:Department of Government Information - Sri Lanka

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna