Outlook එකට Google Calendar සහය ලබා දීමට Microsoft ආයතනය කටයුතු කරයි

Outlook එකට Google Calendar සහය ලබා දීමට Microsoft ආයතනය කටයුතු කරයි

Microsoft සමාගම එයාලාගේ Office 365 apps සඳහා අලුත් Features ගෙන එනු ලැබූ අතර අද ඒ සමාගම Outlook App එකට තවත් ප්‍රයෝජනවත් Feature එකක් එක් කරලා තියෙනවා. Outlook සඳහා අලුත් Features ගොඩක් Announce කළ නමුත් ඒවා අතර ප්‍රධාන වන්නේ Google Calendar එක මේ Outlook එකට එකාබද්ධ කරපු එකයි.

ඔයාට දැන් ඔයාගේ Google Calendar එක  Outlook වෙත හෝ Personal Outlook Calendar එකක් ඔයාගේ Outlook Work Account එකට හදාගන්න පුළුවන්.  ඒකෙන්, Calendar එක හරහා ඔයාගේ හමුවීම්/වැඩරාජකාරි පිළිබඳ වඩා හොඳ දර්ශනයක් ඔයාට දැකගන්න පුළුවන්. මේකෙන් ඔයාට තමන්ගේ වැඩ අතපසු කරගන්නේ නැතුව පැහැදිලිව සිදු කරගන්න පුළුවන්.

මේ Google Calendar integration එක දැනට ලබා ගත හැක්කේ Microsoft365 Work Account එකක් තියෙන Usersලට විතරයි.

කොහොම නමුත්, මේ Calendar improvements සමගම, Outlook එක ඔයාට Calendar පරීක්ෂා කිරීම ඉතාමත් පහසු කරනවා. මූලික වශයෙන්, ඔයාට ඔයාගේ Calendar එක inbox එකේදි පවා බලාගන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ ඔයාට නිතරම inbox එක සහ Calendar එක අතර මාරු විය යුතු නැති බවයි.

ඒත් එක්කම, ඔයාට email scheduling වැනි වෙනත් Features සඳහාද වෙතද Access කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට suggested replies Outlook Web හෝ Outlook Mobile වෙතින් ලැබෙනවා, එතකොට ඔයාට email සමඟ වේගයෙන් කටයුතු කිරීමේ හැකියාවද ලැබෙනවා. ඒත් සමගම තවත් අලුත් Feature එකක් විදියට Zoom සහ Cisco Webex මේ Outlook එකත් එක්ක ඒකාබද්ධ කරලා තියෙනවා. ඔයා දැනටමත් දන්නවා, Microsoft Teams එක Outlook සමඟ ඒකාබද්ධ වෙලා තියෙනවා, කොහොමහරි දැන් ඔයාට Zoom එකත් Outlook එකට Add කරගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඔයාට Zoom Call එක්කට සම්බන්ධ වෙන්න ඕනේ නම්, දැන් ඔයාට ඒක Outlook එකේ ඉඳන්ම එක Click කිරීමකින් කරන්න පුළුවන් බවයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara