MariSilicon X chipset නිෂ්පාදනය නැවතීමට Oppo සූදානම් වේ

OPPO සමාගමෙන් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඔවුන් විසින් ඔවුන්ගේ මේ Custom Chipset නිෂ්පාදනය කිරීමේ අංශය වන ZEKU Chip Design Unit එක වසා දැමීමට තීරණය කර තිබෙනවා.

MariSilicon X chipset නිෂ්පාදනය නැවතීමට Oppo සූදානම් වේ

2021 වසරේදී OPPO සමාගම විසින් MariSilicon X Chipset එකත් සමඟින් ඔවුන්ගේම Custom Chipset එකක නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන ලද MariSilicon X imaging NPU ඔවුන්ගේ OPPO Find X5 series එකට සහ වෙනත් උපාංග සඳහා ඇතුළත් කරනු ලැබුවා. ඉන් පසුව ඔවුන් විසින් MariSilicon Y Bluetooth Audio Chip එකත් එළිදැක්විමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් OPPO සමාගමෙන් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඔවුන් විසින් ඔවුන්ගේ මේ Custom Chipset නිෂ්පාදනය කිරීමේ අංශය වන ZEKU Chip Design Unit එක වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ගෝලිය වශයෙන් පවතින ආර්ථික අර්බුදයයි.

Image Source - Oppo.com

මෙලෙස OPPO සමාගම විසින් ඔවුන්ගේ Custom Chipset නිෂ්පාදනය කිරීමේ අංශය වසා දැමුවද එය දැනට මේ MariSilicon X Chipset භාවිත වන Smart Phones හෝ වෙනත් Devices සඳහා කිසිදු ගැටලුවක් ඇති නොවන අතර ඉදිරියේදි නිකුත් වීමට නියමිත Devices මේ MariSilicon X Chipset එක ඇතුළත් විමේ හැකියාවෙන්ද යුතු වනවා. කෙසේ වෙතත් ඉදිරියේදි නැවත මේ MariSilicon X Chipset නිෂ්පාදනයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ Hybrid AI MariSilicon X Chipset එක ඔස්සේ OPPO සමාගමට ඔවුන්ගේ Devices සඳහා Powerful noise reduction, Better low-light photos & videos, Real-time viewfinder previews සහ Improved 4K HDR video ආදි වැඩිදියුණු කිරීම් ලබා දීමට හැකියාව ලැබුණා.

Sources: Android Authority Gsmarena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna