Oppo සමාගම විසින් hinges තුනකින් යුතු නව slide දුරකතනයක් නිපදවීමට සූදානම් වන බව හෙලි කරයි

Oppo සමාගම විසින් hinges තුනකින් යුතු නව slide දුරකතනයක් නිපදවීමට සූදානම් වන බව හෙලි කරයි

Oppo සමාගම කියන්නේ ලෝකයේ ජංගම දුරකතන වෙලඳපළේ විශාල පෙරලියක් ඇති කිරීමට සමත් වුණු ජංගම දුරකතන නිෂ්පාදකයෙක් බව දිගින් දිගටම ඔවුන් විසින් සනාථ කල අතර පසුගිය දිනෙක පැවති INNO Dayහිදී එලිදැක්වුනු Rollable OLED screen එකක් සහිත Oppo X 2021 Concept Phone එක හරහා ඔවුන් Oppo සමාගමේ  පෙරලිකාර තාක්ෂණික විප්ලවය හෙලි කලේය.

මෙයින් නොනැවතුනු Oppo සමාගම මේ වන විට ජපානයේ Nendo නම් design studio එක සඟ සම්බන්ධ වී නැමුම් ස්ථාන තුනකින් (3 hinges) සමන්විත නවතම concept slide-phone එකක design එකක් එලිදක්වා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙම ජංගම දුරකතන වෙනස් වෙනස් හැඩ 7කට පෙරලිය හැකි වීමයි.

Oppo ආයතනය සහ Nendo ආයතනය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට අනුව ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි ආකාරයේ ජංගම දුරකතනය නිපදවීම සඳහා ඔවුන් කටයුතු කිරීමේ ප්‍රධානම හේතුව වන්නේ ජංගම දුරකතන පරිශීලකයන්ට ඒ ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයට තම ජංගම දුරකතනය භාවිතා කිරීමේ හැකියාව සහ පහසුව ලංගා කර දීම සඳහා වන බවටයි. එමෙන්ම මේ සඳහා Stylus pen එකක්ද ලබා ඩීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

මීට අමතරව Oppo සහ Nendo සාමාගම දෙක විසින් එම ජංගම දුරකතනය සඳහා TWS හෙවත් True Wireless System හරහා earphones, power hub යන උපාංග වලට connect කිරීමට බලාපොරොත්තු වන අතර ඒවාද මෙම ජංගම දුරකතනය මෙන් කුඩාවට නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. එමෙන්ම speaker සහ charger යන උපාංග දෙකම එක උපාංගයක් යටතේ ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මේ පිලිබඳව ඔවුන් විසින් නිල වශයෙන් Twitter පණිවුඩයක් හරහා ප්‍රකාශ කර ඇත.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna