Oppo තම Inno Day 2020 එලඹෙන නොවැම්බර් 17 වන දින AR Glass සහ තවත් දෑ රැසක් එළිදක්වමින් පැවැත්වීමට සූදානම් වේ

Android වැඩකාරයෝ කියවන ඕගොල්ලෝ දන්නවා ඇති Oppo, OnePlus, Vivo, Realme එකම මව් සමාගමකට අයිති බව.

Oppo තම Inno Day 2020 එලඹෙන නොවැම්බර් 17 වන දින AR Glass සහ තවත් දෑ රැසක් එළිදක්වමින් පැවැත්වීමට සූදානම් වේ

වැඩි දෙනෙක් නොදන්නවා වුණාට Oppo කියන්නේ smartphone ක්ෂේත්‍රයේ නව නිපැයුම් විශාල සංඛ්‍යාවක් කරපු, කරන සමාගමක්. Android වැඩකාරයෝ කියවන ඕගොල්ලෝ දැන් දන්නවා ඇති Oppo, OnePlus, Vivo, සහ Realme කියන phone brands එකම මව් සමාගමකට අයිති  බව.

ඉතින් ඒ සඳහන් කරපු phone brands හැම එකකම වගේ නව නිෂ්පාදන බොහොමයක් කරන්නේ Oppo පරීක්ෂණාගාර වල. කොටින්ම OnePlus භාවිතා කරන DashCharge එකත් හඳුන්වාදුන්නේ Oppo සමාගමෙන්. (superVOOC ලෙස)

ඒ වගේම QHD display, 50MP camera, 20W charging, motorized camera වගේම, Vivo හඳුන්වා දුන්, In-display fingerprint sensor, In-display front camera වගේ දේවල් වලටත් Oppo සමාගමේ මැදිහත්වීම, පිටුබලය ලැබී තියෙනවා.

ඉතින් මේ විදිහට නව නිෂ්පාදන රැසක් කරපු, කරන Oppo සමාගමේ Inno Day එක, එහෙමත් නැත්නම් ඔවුන්ගේ නව නිපැයුම් හඳුන්වාදීමේ දිනයක් මුල් වරට පැවැත්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ.

2019 Inno Day 

එහිදීත් අපට  in-display selfie cameras සහ AR headsets ආදිය දැකබලාගන්නට හැකි වුණා.

මෙම වසරේ ඔවුන්ගේ Inno Day එක දැන් නොවැම්බර් මස 17 වන දින පවත්වන්නට යන බව ප්‍රකාශ කර තියෙනවා.

Oppo Twitter

දැනටමත් ඔවුන්ගේ twitter ගිණුම හරහා ඔවුන් එළිදැක්වීමට නියමිත AR glass ගැන tease කර තිබෙනවා. ඒ වගේම twitter එකෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව Oppo දැනටමත් folding phones, නව පරම්පරාවේ in-display selfie cameras, 125W wired සහ 65W wireless charging තාක්ෂණ සහ නව camera zoom තාක්ෂණයන් සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිටිනවා.

මේ zoom තාක්ෂණය (hybrid-zoom) ගැන නම් ඔවුන් මේ වසර මුලදීත් නිවේදනයක් නිකුත් කරා. බොහෝ විට එය ප්‍රයෝගිකවම දැකගන්න මේ event එකේදී හැකියාව ලැබෙයි.

Oppo ගේ optical zoom තාක්ෂණය 

එසේම මේ පෙන්වන සියලු තාක්ෂණයන් 2021 නිකුත් වන Oppo, OnePlus, Vivo, සහ Realme phones වලිනුත් අනිවාර්යෙන් දැකගන්නට ලැබෙයි.

Source: Android Authority

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara