OpenAI සමාගමේ Sora AI Tool එක මෙම වසර අගදී ලබා ගත හැකි බවට තොරතුරු වාර්තා වේ

නවතම තොරතුරුවලට අනුව දැනට මෙලෙස තොරාගත් පිරිසකට පමණත් ලබා දී ඇති මේ Sora AI එක ලගදීම සියලු දෙනාට භාවිත කළ හැකි පරිදි නිකුත් කිරීමට OpenAI සමාගම විසින් සුදානම් වන බව වාර්තා වෙන​වා.

OpenAI සමාගමේ Sora AI Tool එක මෙම වසර අගදී ලබා ගත හැකි බවට තොරතුරු වාර්තා වේ

OpenAI සමාගම විසින් හඳුන්වා දුන් වචනවලින් Video මවන Sora AI එක පිළිබඳව අප ඔබ වෙත මීට පෙර තොරතුරු ගෙන එනු ලැබුවා. ඒ අනුව මේ Sora AI Model එක ඔවුන් විසින් තොරාගත් පිරිසක් සඳහා පමණක් භාවිත කිරීමේ හැකියාව ලබා දී තිබෙන අතර ඒ මේ Model එකේ ගුණාත්මකබාවය තව දුරටත් ඉහළ නැංවිමේ අරමුණෙනුයි.

නවතම තොරතුරුවලට අනුව දැනට මෙලෙස තොරාගත් පිරිසකට පමණත් ලබා දී ඇති මේ Sora AI එක ලගදීම සියලු දෙනාට භාවිත කළ හැකි පරිදි නිකුත් කිරීමට OpenAI සමාගම විසින් සුදානම් වන බව වාර්තා වෙන​වා.

පසුගිය දා The Wall Street Journal එක සමඟ පැවත සාකච්ඡාවකට සහභාගී වෙමින් OpenAI සමාගමේ chief technology officer (CTO) වන Mira Murati මහතා විසින් පවසා සිටියේ මේ Sora AI Tool එක මේ වසර තුළදි සියලුම දෙනාට භාවිත කළ හැකි පරිදි නිකුත් කිරීමට සුදානම් වන බවයි. එනම් තව මාස කිහිපයක් තුළ මෙය සියලු දෙනාටම භාවිත කළ හැකි වනු ඇත.

ඔහු විසින් වැඩි දුරටත් පවසා සිටියේ Sora Ai Tool එක ඔස්සේ Generate කළ Video එක Edit කිරීමේ හැකියාවත්, මේ AI Generated Video සඳහා Audio ලබා දිම පිළිබඳවත් ඔවුන් විසින් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

ඒ වගේම මේ AI Tool එකේ මිල පිළිබඳව ඔහු විසින් ප්‍රකාශයට පත් කර සිටියේ මේ සඳහා අනෙක් AI Modelsවලට වඩා වැඩි වියදමක් සිදු වන බවත්, එසේ වුවද ඔවුන් විසින් ඔවුන්ගේම DALL-E (text-to-image AI tool) එකට සමාන මිල ගණන් යටතේ මෙය භාවිත කිරීමට ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

Source: www.androidauthority.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara