OpenAI සමාගම විසින් iOS සඳහා ChatGPT App එක හදුන්වා දීමට කටයුතු කරයි

OpenAI සමාගම විසින් පසුගිය දිනක iPhone සහ iPad සඳහා ChatGPT App එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා

OpenAI සමාගම විසින් iOS සඳහා ChatGPT App එක හදුන්වා දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා ඔබගේ iOS සහ Android Smartphone එකෙන් ChatGPT භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක ලිපියක්. ඒ OpenAI සමාගම විසින් ඒ දිනවල ChatGPT App එකක් Smartphone සඳහා හදුන්වා නොදී තිබිම නිසයි.

OpenAI සමාගම විසින් පසුගිය දිනක iPhone සහ iPad සඳහා ChatGPT App එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැන් ඔබගේ Apple iPhone එකට සහ Apple iPad එක සඳහා ChatGPT App එක Apple Store ඔස්සේ ලබා ගත හැකි වනවා.

මේ ChatGPT App එක ඔස්සේ ද Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකි වනවා.

Image Source -Gsmarena.com

ඒ වගේම ඔබගේ ChatGPT History එක Web සහ iOS Devices අතර Sync වනු ලබනවා. කෙසේ වෙතත් තවමත් ChatGPT App එක ලබා ගත හැක්කේ ඇමරිකා එක්සත් ජනපදය සඳහා පමණක් වන අතර ඉදිරි සති කිහිපය තුළ තවත් රටවල් සඳහා මේ ChatGPT App එක නිකුත් කිරීමටත් ඔවුන් සුදානමින් සිටිනවා. මීට අමතරව මේ App එක සඳහා ඉදිරියේදි තවත් විශේෂාංගත් එක් කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවට වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මේ App එක නොමිලයේ භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතරම අවශ්‍ය නම් ඩොලර් 19.99 පමණ ගෙවා ChatGPT Plus Service එකත් App එක හරහාම ලබා ගන්න පුලුවන්. කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර නොමැති මේ ChatGPT App එක ශ්‍රී ලංකාව සඳහාත් නිකුත් වු විගස ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒමට අප සුදානම්.

Sources: OpenAi

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara