Android පරිශීලකයන් සඳහාත් ChatGPT App එක ළගඳිම එළිදැක්වෙන බවට OpenAI සමාගම පවසයි

ළඟදීම Android පරිශීලකයන් සඳහා ChatGPT App එක නිල වශයෙන්ම හදුන්වා දෙන්න සුදානම් බව OpenAI සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Android පරිශීලකයන් සඳහාත් ChatGPT App එක ළගඳිම එළිදැක්වෙන බවට OpenAI සමාගම පවසයි

OpenAI සමාගම විසින් iOS පරිශීලකයන් සඳහා ChatGPT App එක හදුන්වා දීම මගින් Smartphone සඳහාත් ChatGPT App එක ලබා දීම ආරම්භ කරනු ලැබුවා.

මේ ChatGPT එකද නොමිලයේ භාවිත කළ හැකි පහසුකම් රැසකින් සමන්විත වන අතර අවශ්‍ය නම් ChatGPT Plus ද App එක ඔස්සේ භවිත කළ හැකි වනවා. මේ App එක ඔස්සේ Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකි බව iOS App එක පිළිබඳව OpenAI සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන අතරම මේ විශේෂාංග සියල්ලම සමගින් Android පරිශීලකයන් සඳහාත් App එකක් ලැබෙනු යැයි අපේක්ෂා කරන්න පුලුවන්.

OpenAI සමාගම විසින් iOS සඳහා ඔවුන්ගේ ChatGPT App එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කළ බවට අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් Android පරිශීලකයන් සඳහාත් ChatGPT App එක ළඟදීම හදුන්වා දීමට සුදානම් බවත් කියන්න පුලුවන්.

ඒ වගේම එම නිවේදනයේදීම ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා ළඟදීම Android පරිශීලකයන් සඳහා ChatGPT App එක නිල වශයෙන්ම හදුන්වා දෙන්න සුදානම් බව. Android සඳහාත් ChatGPT App නිකුත් වු විගස ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමට අප සුදානම්.

Sources: OpenAi

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna