OnlyOffice - සල්ලි දීලා ගන්න ඕන නැති Office Package එක

OnlyOffice - සල්ලි දීලා ගන්න ඕන නැති Office Package එක

අපි හැමෝම දන්න, හැමෝම පාවිච්චි කරන Microsoft Office පැකේජ් එක ගැන අපි හැමෝම දන්නවනෙ. මේ කියන්න යන්නෙ ඒ වගේ තවත් මෘදුකාංග කට්ටලයක් ගැන. හැබැයි විශේෂත්වය තමයි, මේවා දෙන්නේ නොමිලේ.

Microsoft තරම් වැඩ කිඩ නැතත්, සාමාන්‍ය ලියවිල්ලක් ටයිප් කරගන්න, Spreadsheet එකක් හදාගන්න. Presentation එකක් හදාගන්න මේ මෘදුකාංග කට්ටලය භාවිතා කරන්න පුළුවන්.

OnlyOffice මුලින් ආවෙ Online Apps විදියට. පස්සෙ ඒවා පරිගණකයේ ස්ථාපනය කරගෙන අන්තර්ජාල සබඳතාව නොමැතිව වැඩ කරගන්න පුළුවත් තත්වෙට දියුණු වෙලා තියෙනවා. විශේෂත්වය තමයි, මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම විවෘත කේත (Open Source) විදියට පවත්වාගෙන යන ව්‍යාපෘතියක් වීම.

මේවගෙ අතුරුමුහුණත්, සාමාන්‍ය Microsoft Office Package එකේ වගේම, ඒ හා සමානව දැකුම්කළු විදියට සකසලා තියෙනවා. ඒ වගේම, කාලයක් තිස්සෙ Linux මෙහෙයුම් පද්ධති වල තියෙන ප්‍රශ්ණයක් වෙන MS Office එක්ක තරඟ කරන්න පුළුවන් Office Package එකක් නැති වීමටත් මේ මෘදුකාංග ටික හොඳ පිළියමක් විදියට මම දකිනවා. Linux සඳහා භාවිතා වන Libre Office, office package එකට වඩා OnlyOffice අතුරු මුහුණත් දැකුම්කළු විදියට සකසලා තියෙනවා.

පහත link එක හරහා ගිහින් ඔබට පුළුවන් මේ OnlyOffice Office Package එක බාගත කරගන්න.

Download free desktop apps
Download ONLYOFFICE desktop apps for Windows, Linux, and Mac OS. Snap and AppImage are also available.

තවත් ලිපියකින් මුණගැසෙමු!

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara