Online Mobile Game එකක් play කරනකොට graphic quality එක මත data වැය වීම සහ ping එක වැඩි වෙනවද?

Online Mobile Game එකක් play කරනකොට graphic quality එක මත data වැය වීම සහ ping එක වැඩි වෙනවද?

බොහොමයක් online ගේමර්ස්ලා අතර තියෙන මතයක් තමා ග්‍රැෆික් වැඩිකරලා ගේම් ගැහුවොත් වැඩිපුර ඩේටා කැපෙනවා කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. බලමු කොහොමද ඒක වැරදි උනේ කියලා.

ගේම් එකක graphics assets තියෙන්නේ locally. ඒ කියන්නේ ඔයාගේ මැෂින් එකේ හෝ ෆෝන් එකේ. ඔන්ලයින් ක්‍රීඩා කරනවා කියන්නේ, graphics ඉන්ටර්නෙට් එක හරහා download වෙන එකට නෙමෙයි.  ඒක ඔයා game එක ඩවුන්ලෝඩ් කරනකොට කරගෙන ඉවරයි. ඒ කියන්නෙ graphics  කියන එක තනිකරම රඳා පවතින්නේ ඔයාගේ device එකෙ performance එක මත.

ඒ කියන්නෙ ඔන්ලයින් ක්‍රීඩා කරනකොට වෙන්නේ, ඔයාගේ සහ අනෙකුත් players ලාගේ details, ඒ කියන්නේ map එකේ කොතනද ඉන්නේ, මොන ජාතියේ තුවක්කුද, කාර් එක කුමක්ද, character එකේ capabilities transfer වෙන එක වගේ දේවල් විතරයි.

එතකොට Ping එක කියන්නෙ මොකක්ද?

මෙතනදි මුලින්ම කියන්න අවශ්‍යයි ping එක මනින ඒකකය ගැන. Ping එක මනින ඒකකය විදිහට අපි සලකන්නෙ ms හෙවත් milliseconds.

Ping එක බලපාන්නේ අර මම උඩ කියපු real time logics transfer වෙන්න. ඒ කියන්නෙ ප්ලේයර්ගෙ device එකේ සහ ගේම් එක ඩිවලොප් කරපු කම්පැනියට අයත් server අතර තියෙන Latency එක.

Ping එක කියන්නෙ ඔයගෙ device එකෙන් යවනු ලබන කමාන්ඩ් එකක් ගේම් ඩිවලොපර්ගෙ සර්වර් එකට ගිහින්, එකට ප්‍රතික්‍රියාවක් නැවත ඔයාගෙ device එකට ලැබෙන්න ගතවෙන කාලය.

දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ ඉහත කාරණා සියල්ල අනුව Graphic assets render වෙන්නේ  ඔයාගෙ device එක මතින්. ඒ නිසා graphics quality එක නිසා data consume වෙන්න කිසිම හේතුවක් නෑ. ඒ උනත් බොහෝ විට ගේම් එකක් download කරනකොට default download වෙන්නේ medium graphic quality එකේ assets. ඒ වගේ වෙලාවට අපි manually high දැම්මම high quality assets ටික පලවෙනි game plays වලදි ඒකට අදාල assets download කරගන්න නිසා යම් ප්‍රමාණයකට data consumption එකක් එන්න පුළුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara