මීලඟ OnePlus ජංගම දුරකතනය සඳහා MediaTek chipset එකක් භාවිතා කරනු ඇතැයි තොරතුරු වාර්තා වේ

මීලඟ OnePlus ජංගම දුරකතනය සඳහා MediaTek chipset එකක් භාවිතා කරනු ඇතැයි තොරතුරු වාර්තා වේ

Leak වී ඇති කරුණු අනුව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත "OnePlus"  ස්මාර්ට් දුරකථනය Flagship මාදිලියේ MediaTek Chipset එකකින් බලගැන්වෙන බවයි සඳහන් වී ඇත්තේ.

මීට පෙර පවා Leak වූ තොරතුරු වලින් මෙම දුරකථනය MediaTek Chipset එකකින් යුක්ත බව සඳහන් වී තිබුණි. එහිදි මත පලවූ ආකාරයට නිකුත් වීමට නියමිතව පවතින OnePlus Nord 2 මාදිලියේ ජංගම දුරකතන සඳහා MediaTek ආයතනය විසින් නිපදවන chipset එකක් භාවිතා කිරීමේ සූදානමක් පවතින බව තමයි අපට Android Centralහි පලවූ වාර්තාවකින් දැනගැනීමට ලැබුනේ.

මීට පෙර OnePlus Smart Phone පලමු මාදිලියේ සිට නවවන මාදිලිය දක්වා භාවිත කළේ Qualcomm Chipset යි. එසේම, වසර මුලදි අපට දැනගතහැකි වූ නිලනොවන තොරතුරක් වූයේ OnePlus විසින් MediaTek Chipset භාවිත කිරීමට සූදානමින් සිටින බවයි. ඒ පිළිබඳව මෙම Leak වූ තොරතුරු මගින්ද තහවුරු වේ.

එසේම මෙම තොරතුරු මගින් ඉතා වේගවත් හා වඩාත් ගුණාත්මක වූ Dimensity 1200 flagship Processor මගින් මෙය බලගැන්වෙන මගින්  විශ්වාස කළ හැකිය.

මෙම Dimensity 1200 chipset එක Snapdragon 765G සමඟ සසඳන විට OnePlus Nord 2  සඳහා ලබා දෙන හොඳ වැඩිදියුණු කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. Diemnsity 1200 chipset එක octa-core CPU එකක් වන අතර එහි Cortex-A78 cores 4කින් සහ Cortex-A55 cores 4කින් යුක්ත වෙනවා. එමෙන්ම Bluetooth 5.2, Wi-Fi 6, සහ 5G+5G dual-SIM supportද මේ සමඟ හිමි වනවා.

"Weibo leaker Digital Chat Station" පවසන්නේ OnePlus විසින් Dimensity 1200  (MT6893) වර්ගයේ Chipset භාවිතා කරනු ඇති බව යි. නමුත්, එම තොරතුරු වල වැඩිවිස්තරයක් දැකගත නොහැකියි.

Sources: Android Authority, Slashgear, Gizchina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara