OnePlus 9 මාදිලිය සඳහා වන නව ඇසුරුමක් පිළිබදව OnePlus CEO විසින් හෙලි කරයි

OnePlus 9 මාදිලිය සඳහා වන නව ඇසුරුමක් පිළිබදව OnePlus CEO විසින් හෙලි කරයි

පසුගිය මැයි මාසයේදි OnePlus 9 Series එක එළිදැක්වීමට OnePlus සමාගම කටයුතු කල අතර මේ OnePlus 9 Series එකේ Smart Phones සදහා ලබා දි තිබුණ Box එක OnePlus සමාගමට සුවිශේෂී වු දිගින් වැඩි Box එකක් වෙනවා.

OnePlus සමාගමේ CEO වෙන Pete Lau මහතා විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ Oneplus 9 Series එක සදහා යෝග්‍ය යැයි සැලකිය හැකි Smart Phone Box එකක සාමාන්‍ය පෙනුමෙන් වෙනස්, විකල්ප ඇසුරැමක ජායාරූපක් මුදා හැර තිබෙනවා.

මෙලෙස පල කරන ලද නව ඇසුරැමේ Smart phone එක පමණක් අඩංගු වෙන අතර Charger එක හෝ සාමාන්‍ය Smart Phone Box එකක පවතින වෙනත් කිසිවක් මේ තුල අඩංගු වෙන්නේ නැ. සරලවම මේ නව ඇසුරැම වෙළෙඳපොල පවතින Pendrive ඇසුරැමකට සමානව Design කර තිබෙනවා. ඒ වගේම ඇසුරැමේ දකුණු පසට වෙන්න Device එක ස්ථානගත කර තිබෙන අතර වම් පසින් ඒ Device එකේ ප්‍රධාන Features දක්වන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම අලෙවියේදි මේ නව ඇසුරැම එල්ලා තැබිමට ඉහලින් කොක්කක් ද Design කර තිබෙනවා.

මේ නව ඇසුරැම Twitterහි පල කිරිමේදි Pete Lau මහතා විසින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ඔවුන්ගේ “stylish red box” එක, එනම් ඔවුන් OnePlus Devices සමග ලබා දෙන සුවිශේෂී Red Box එක අත්නොහරින බවයි. කෙසේ වෙතත් මේ නව ඇසුරැම Oneplus සමාගම විසින් භාවිත කරනවාද නැද්ද යන්න හෝ ඔවුන් විසින් මේ ඇසුරැම පිළිබඳව සලකා බලනවා ද යන්න පිළිබඳව වත් ඔවුන් විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වෙනවා.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna