OnePlus සමාගම, Oppo සමාගම සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරයි

OnePlus සමාගම, Oppo සමාගම සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරයි

2014 දී පළමුවන smartphone එක නිකුත් වෙන විට බොහෝ දෙනා ඔවුන්ව හැඳින්වුයේ 'Flagship Killer' ලෙසයි. ඒ වන විට තිබු Samsung, Nexus වැනි brands වලම performance ඇති, නමුත් ඔවුන්ට සිතියවත් නොහැකි මිලකට ($299) නිකුත් වූ OnePlus One දුරකතනයේ සිට OnePlus සමාගම දැන් බොහෝ දුරක් පැමිණ තිබෙනවා.

එම ගමනේ තවත් එක පියවරක් ලෙස දැන් ඔවුන් වඩාත් ඒකාබද්ධව Oppo සන්නාමය සමඟ ඉදිරියට යාමට සුදානම් වනවා. මෙම වසර මුලදී Oppo සමාගම සමඟ ඔවුන්ගේ Hardware සහ R&D (Research and Development) අංශ ඒකාබද්ධ කල ඔවුන් Oppo සමඟ තව දුරටත් සංයුක්ත (merge) වන බව අද (2021.06.16)  කළ forum post එකින් ප්‍රසිද්ධ කොට තිබෙනවා.

Pete Lau. Image: The Quint.

මේ බව OnePlus forums අඩවියේ සඳහන් කළේ OnePlus සමාගමේ CEO වන Pete Lau විසින්. එහිදී ඔහු සඳහන් කොට තිබුනේ මේ ඒකාබද්ධ කිරීම මගින් "ඔබ වෙත වඩා හොඳ නිෂ්පාදනයන් ගෙන ඒමට තවත් සම්පත් අත්කර ගත හැකි" බවයි. එසේම මෙම තීරණය "වඩා කාර්යක්ෂම ප්‍රතිපල සඳහා, උදාහරණයක් ලෙස ස්ථාවර software updates ඉක්මනින් බෙදා හැරීමට රුකුලක්  වනු ඇති" බවටත් ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් "OnePlus ස්වාධින සන්නාමයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති" බවයි ඔහු කියා සිටියේ.  

OnePlus පාරිභෝගිකයින්ට දැන් මොකද වෙන්නේ?

Android වැඩකාරයෝ පාඨක ඔබ නම් දැන් OnePlus, Oppo, RealMe යනු සියල්ල එකම සමාගමක විවිධ brands යන වග දන්නවා. එසේම චීනයේ OnePlus දුරකථන වල, Oppo සමාගමේ ColorOS android skin එක භාවිතා කළ පුවතත් අප ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව දැන් මේ  කාලයක පටන් ඇති සම්බන්ධතාවයට  ප්‍රසිද්ධියක් ලබා දීම මගින් වඩාත් ළඟින්, ප්‍රසිද්ධියේම මේ එකම මව් සමාගමේ brands ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුළුවන්.

Sources: OnePlus forums, Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara