OnePlus 9 සහ OnePlus 9 Pro ජංගම දුරකතන මෙම මස 23 වන දින නිල වශයෙන් එලිදැක්වීමට OnePlus ආයතනය සූදානම් වේ

OnePlus 9 සහ OnePlus 9 Pro ජංගම දුරකතන මෙම මස 23 වන දින නිල වශයෙන් එලිදැක්වීමට OnePlus ආයතනය සූදානම් වේ

OnePlus 9 සහ OnePlus 9 Pro යන දුරකථන 2021 මාර්තු මසදී නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් බවට අපි පසුගිය වසරේදි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මේ මස 23 වෙන දින OnePlus 9 Series එක එළිදැක්වීමට නියමිත බව ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ OnePlus 9 Series එක යටතේ Devices 03ක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ OnePlus 9, OnePlus 9 Pro හා OnePlus 9R විදිහට. ඒ වගේම OnePlus සමාගම විසින් Hasselblad සමාගම සමග OnePlus Flagship Deviceවල Camera Setup එක Develop කිරිම සදහා වසර තුනක කාලයකට ගිවිසුම් ගත වි තිබෙනවා. ඒ වගේම මේ OnePlus 9 Series එක සදහාත් Hasselblad සමාගමේ Camera Technology එක ලැබෙනවා.

ඒ වගේම මේ OnePlus 9 Series එක සදහා Custom Sony IMX789 Sensor එක භාවිත කරන බවත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම OnePlus Founder හා CEO වෙන Pete Lau මහතා විසින් OnePlus community forumsහි Comment එකකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ OnePlus 9 Series එක In Box Charger එකක් සමගින් ලබා දිමට බලාපොරොත්තු වෙන බවයි.

OnePlus 9 Pro Device එක අගල් 6.7ක Curved Edge AMOLED Display එකකින් ද, OnePlus 9 Device එක අගල් 6.55ක Flat AMOLED Display එකකින්ද සමන්විත වෙනු ඇත. OnePlus 9 Series එක සැම Device එකක් සදහාම 120Hz Refresh Rate එකෙන් යුතු Displaysවලින් යුතුව Qualcomm Snapdragon 888 Chipset එකෙන් බලගැන්වෙනු ඇත. ඒ වගේම මෙහි අඩංගු වෙන 4500mAh Battery එක 65W Fast Charging හා 45W Wireless Fast Charging සදහා Support කරනු ඇත.

මොවුන් මේ 9 Series එකේ වැඩි දුර Highlight කරන Camera Setup එක OnePlus 9 Proහි දි 48MP + 50MP 8MP + 2MP ලෙස Quad Camera System එකක් විදිහටත් OnePlus 9 Device එකේ දි 48MP Main Lens එකකින් යුතු Triple Camera Setup එකකින් ද සමන්විත වෙනු ඇත.

OnePlus 9 Series එකේදි බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද කියල අපි ගෙනාපු කලින් ලිපිය මෙතනින් බලන්න.

Source : Gizmochina, OnePlus

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara