OnePlus 8T ඔක්තෝම්බර් 14 වන දිනදී නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු

OnePlus 8T ඔක්තෝම්බර් 14 වන දිනදී නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු

OnePlus 8 Series එකේ OnePlus 8 හා 8 Pro Devices දෙක මේ වසරේ මුලින්ම Release කරා. ඒ අනුව ඔවුන්ගේ 8 Series එකට අනුව දැන Release කරන්න තියෙන්නේ OnePlus 8T Device එක. අපි මේ 8T Device එකේ Specs කිහිපයක් සහ charging speed එක ගැන විස්තර කලින් ලිපියකින් විස්තර ගෙන ආවා.

පසුගිය දිනක Mysmartprice වෙබ් අඩවිය විසින් OnePlus 8T එකේ Release Date එක පිළිබඳව තොරතුරු ⁣නිකුත් කරල තිබුණා. එයට අනුව OnePlus 8T Smartphone එක ඔක්තෝම්බර් 14 වන නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ 8T Launching Event එක මේ දිනවල පවතින ගෝලිය CovID-19 වසංගත තත්වය නිසා ඔවුන්ගේ OnePlus Nord Smartphone එක නිකුත් කල AR Event එක වැනි Event එකකින් එළිදැක්වීමට ඔවුන් බොහෝ විට කටයුතු කරනු ඇත.

ඒ වගේම අපි කලින් සදහන් කරා වගේ මේ 8T Device එක Snapdragon 865+ Processor එක සමග 120Hz Display එකක් හා OnePlus 8 සමග සසදන කල වැඩි දියුණු කල Camera Setup එකකින් සමන්විත වනු ඇත.

බොහෝ දුරට මේ 8T Device එකේ Design එක 8 Series එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ OnePlus සමාගමේ Nord Device එකත් Samsung සමාගමේ Galaxy S20 Series එක ආකාරයේ Device එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

තවමත් මේ 8T Device එකේ මිල ගණන් කොහොම වෙයිද කියල පැහැදිලි තොරතුරක් නිකුත් වී නැ.

Sources : 9to5google, mysmartprice

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara