Microsoft සමාගම OneNote සදහා Copilot විශේෂාංගය නොවැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ

Microsoft සමාගම OneNote සදහා Copilot විශේෂාංගය නොවැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ

Pureinfotech වෙබ්අඩවිය පවසන ලෙස Microsoft සමාගම 2023 නොවැම්බර් මස සිට OneNote වෙත Copilot විශේෂාංගය දියත් කිරීමට සැලසුම් කරයි, නමුත් සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා නොව ව්‍යාපාරමය කටයුතු සිදු කරන පාරිබෝගිකයන් සඳහා පමණි. එසේම The Verge හි නව වාර්තාවකට අනුව, සමාගම නොවැම්බර් මාසයේදී AI Chatbot විශේෂාංගයක් ද නිකුත් කරනු ඇති අතර, පරිශීලකයින්ට සටහන් නැවත ලිවීමට, ඉතා හොද අදහස් ලබාගැනීමට සහ වෙනත් බොහෝ කාර්යයන් මෙමගින් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සදහන් වේ.

OneNote හි, Copilot විකල්පය “Home” tab එක තුළ පවතිනු ඇති අතර, Windows 11 Desktop සහ MS Edge මත Chatbot විශේෂාංගය දිස්වන ආකාරයටම අතුරු මුහුණත දකුණු පසින් දිස්වනු ඇත. මෙමගින් ඔබට ඕනෑම text එකක් හෝ පිටුවක් සාරාංශ ගත කර හැක. OneNote සඳහා එන Copilot මගින් ඔබට රැස්වීම් සහ සිදුවීම් සටහන් සහ කාර්ය ලැයිස්තු සෑදීමට හැකි වේ, Windows 11 Copilot භාවිතා කරන විට ඔබට ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ද හැකිය.

Source: Pureinfotech

OneNote සඳහා වන AI chatbot ට අමතරව, සමාගම විසින් platform එකෙහි සැලසුම් වැඩිදියුණු කිරීම් රාශියක් සමඟ Copilot, OneDrive වෙත ගෙන එන බව මෑතකදී නිවේදනය කරන ලදී, නමුත් ඔවුන්ගේ වෙනත් app සඳහා chatbot පැමිණීම අපේක්ෂා කරන්නේ කවදාද යන්න පිළිබඳ කිසිදු විස්තරයක් හෙළි කර නොමැත. (Word සහ Excel වැනි)

Source: pureinfotech.com Cover Image: www.behance.net

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna