AI වලින් හැඩවුනු One UI 6.1.1

AI වලින් හැඩවුනු One UI 6.1.1

නව AI විශේෂාංගයන් කිහිපයක් එක්ක One UI 6.1.1 සංස්කරණය මේ වෙන විට Samsung S24, Z fold 6 වගේ Flagship මට්ටමේ දුරකථන කිහිපයකටම ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මේ Update එක Flagship Model සදහා පමණක් සීමාවන Update එකක් වන අතර Update එකේ ප්‍රමාණය 3 GB වලට ආසන්න වෙනවා.

අපි දැන් බලමු One UI 6.1.1 සමග ලැබෙන අලුත් Features මොනවද කියලා.

  • Sketch to Image - අපි අතින් අදින චිත්‍රයක් ,කටු සටහනක් galaxy AI ඔස්සේ ලස්සන Art එකක්, image එකක් කරන්න පුලුවන්.
  • portrait studio - Photo එකක ඉන්න කෙනෙකුගෙන් portrait image හදන්න පුලුවන් වගේම Sketch, Water colors, 3D cartoon, Comic වගේ style වලින් ඒ image එක හදා ගන්න පුලුවන්.
  • Instant slow mo-video clips - Gallery එකේ Video එකක් Play වෙන කොට ඒක long press කරගෙන හිටියොත් ඒ කොටස Slow Motion කරලා බලා ගන්න පුලුවන්. ඒ වගේම ඒ විදියට කරපු video එක වෙනම වීඩියෝ එකක් විදියට save කරන්නත් පුලුවන්.
  • PDF overlay translation - Samsung Note App එකෙන් Open කරපු PDF එකක් galaxy AI වලින් Summarize සහ Translate කරන්න පුළුවන්. ඒ වගේම Edge panel එකේ smart select feature එක AI වලින් වැඩි දියුණු කරලා තියෙනවා.
  • Composer - Key word ටිකක් විතරක් දීලා ඒකට ගැලපෙන විදියට email සහ comment Galaxy AI වලින් ලියා ගන්න හැකියාව ලබා දීලා තියෙනවා.

මීට අමතරව Voice recording එකක් වචන වලට transcribe කරන්න, ඒක වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න සහ සාරාංශ කරන්න, My files වල තියෙන Folder එකක් Home screen එකට Two fingers වලින් Drag & Drop කරලා Home Screen Short Cut Folder එකක් ලේසියෙන් හදා ගැනීමේ හැකියාව, සාමාන්‍ය Photo එකකට Live Effect එකක් Add කිරීමේ හැකියාව සහ Motion Photo එකකින් Animated sticker එකක් සාදා ගැනීමේ හැකියාව ආදි විශේෂාංග රැසක් මේ One UI 6.1.1 Update එකත් සමඟ පරිශීලකයන්ට හිමි වෙනවා.

තවත් කුඩා වෙනස්කම් කිහිපයක් One UI 6.1.1 වල දැකගන්න පුලුවන් වන අතරම මේ Update එක තුල UI එකේ වෙනස්කම් නම් බලාගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.

මේ Update එක සඳහා සහාය දක්වන Devices -

• Galaxy S23 FE
• Galaxy S23
• Galaxy S23+
• Galaxy S23 Ultra
• Galaxy S24
• Galaxy S24+
• Galaxy S24 Ultra
• Galaxy Tab S9
• Galaxy Tab S9+
• Galaxy Tab S9 Ultra
• Galaxy Z Flip 5
• Galaxy Z Fold 5

Source: sammobile.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara