One UI 3.1 හරහා Samsung Dex පහසුකම wireless ආකාරයට භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට Samsung ආයතනය කටයුතු කරයි

One UI 3.1 හරහා Samsung Dex පහසුකම wireless ආකාරයට භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට Samsung ආයතනය කටයුතු කරයි

Samsung Galaxy S21 Series එකත් සමග ඔවුන්ගේ One UI 3.1 Version එකත් නව Features බොහෝමයක් සමග හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මිට පෙර සිට පැවති Samsung Dex පහසුකම Wireless ලෙසත් භාවිත කල හැකි ආකාරයට Wireless Dex Feature එක සමග හදුන්වා දි තිබෙනවා.

ඒ අනුව මේ Wireless Dex Feature එකත් සමග මේ Dex පහසුකම ලබා ගත හැකි Samsung Galaxy Devices සියල්ල ඒ සදහා අනුකුල වෙන පරිගණක සමග Wireless ආකාරයට භාවිත කල හැකි වෙනවා. One UI 3.1 Version එකත් සමග මේ Wireless Dex පහසුකම Samsung Flagship Smart Phone සදහා ලබා දි තිබෙනවා. ඒ අනුව S10 Series එකේ සිට නිකුත් වුණ සියලු Flagship Smart Phone සදහා මේ Feature එක ලබා දි තිබෙනවා. ඒ අතරට පහත Galaxy Flagship Devices අයත් වෙනවා.

  • Galaxy S10 series‌‌
  • Galaxy S20 series, including FE‌‌
  • Galaxy S21 series
  • ‌‌Galaxy Note10 series‌‌
  • Galaxy Note20 series
  • ‌‌Galaxy Z Flip and Z Flip 5G‌‌
  • Galaxy Fold‌‌
  • Galaxy Fold 2

Samsung Dex Wireless Feature එක භාවිත කිරිමට නම් ඔබ macOS හෝ Windows 10 සදහා වු Samsung Dex App එක පරිගණකය  සදහා Install කල යුතු වෙනවා. ඒ වගේම මේ සදහා භාවිත කරන පරිගණකය හා ඔබගේ Galaxy Device එක එකම WIFI Network එකට සම්බන්ධ වි පැවතිය යුතු වෙනවා.

මේ Wireless Feature එක ලැබුණත් Samsung Dex පහසුකම USB Type-C to HDMI Cable මගින් Monitor හෝ Tv සමග සම්බන්ධ කල හැකි වෙනවා.

Source : Sammobile

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara