Gnext වෙතින් iPhone 15 series එක මිලදී ගන්නා අයට සිත් ඇදගන්නා සුළු දීමනා රැසක් ලබා දීමට කටයුතු කර​යි

Gnext වෙතින් iPhone 15 series එක මිලදී ගන්නා අයට සිත් ඇදගන්නා සුළු දීමනා රැසක් ලබා දීමට කටයුතු කර​යි

මීට පෙර අප විසින් වාර්තා කල ආකාරයට අද දිනයේදී (27.10.2023) Gnext Sri Lanka ආයතනය විසින් ශ්‍රී ලංකාව තුල iPhone 15 මාදිලියේ සියළුම ජංගම දුරකතන මේ වන විට නිල වශයෙන් එලිදක්වා අවසන්. මෙම නිල එලිදැක්වීමත් සමඟින් තම පාරිභෝගිකයන්ට විශාල දීමනා රැසක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

නව Apple උපාංගයක් මිලදී ගැනීමේදී හිමිවන Apple Care warranty එකට අමතරව තවත් එක් අවුරුද්දක වගකීමක් ලබාදීමට Gnext Sri Lanka ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම වගකීමට අමතරව දුරකතනය මිලදී ගෙන වසරක් ඇතුලත, නොමිලේ එක් screen replacement එකක් ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.

Dialog සහ Mobitel පාරිභෝගිකයන්ට 600GB mobile data ලබා දීමටද ඔවුන් කටයුතු කර තිබෙන අතර එලෙසින් සක්‍රීය වන mobile data උපාංගය activate කර මාස තුනක් යන තුරු භාවිතා කිරීමට හැකියි.

සාමාන්‍ය Apple Store එකකදී මෙන්ම මෙහිදීද ඔබගේ පැරණි iPhone එක ලබා දී නව උපාංගය මිලදී ගැනීමේ වට්ටමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන Trade-in පහසුකමද පාරිභෝගිකයන්ට හිමි වනවා.

මීට අමතරව නොමිලේ AirPods 2nd Gen එකක්ද, 20W Apple Adapter එකක්ද, Tempered Glass සහ Back cover එකක්ද පාරිභෝගිකයන්ට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.

විශේෂම කාරණාව වන්නේ, Commercial, DFCC, Sampath ස​හ Seylan යන බැංකු වලින් නිකුත් කල ණය කාඩ්පත් (Credit Card) හිමියන්ට 0% පොලී යටතේ පහසුගෙවීමේ වාරික හිමිවීමයි.

එමම් සියළුම දීමනා වලංගු වන්නේ ඔක්තෝම්බර් 31 වන දින දක්වා පමණක් බව Gnext Sri Lanka ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

අද දිනයේදී Gnext Sri Lanka ආයතනය විසින් ශ්‍රී ලංකාව තුල iPhone 15 මාදිලියේ ජංගම දුරකතන එලිදැක්වීමේ අවස්ථා කිහිපයක් කැමරා කාචයේ සටහන් වූයේ පහත ආකාරයෙනි.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna