Nvidia සමාගම විසින් ARM සමාගම ඩොලර් බිලියන 40කට මිලදී ගනී

Nvidia සමාගම විසින් ARM සමාගම ඩොලර් බිලියන 40කට මිලදී ගනී

Nvidia සමාගම විසින් ARM සමාගම මිලදී ගැනීමට යන බව පවසමින් මාස ගණනාවක් පුරාවට පැතිරුණ කට කතාවලින් අනතුරුව මෙම පසුවුණ සති අන්තයේ දී Nvidia සමාගම විසින් SoftBank සමූහ ව්‍යාපාර‍ය සතුව පවතින ARM සමාගම මිලදී ගැනීමට සැලසුම්කර ඇති බවට නිවේදනය කොට ඇත. මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 40ක් වන අතර 2016 දී SoftBank සමාගම ARM සමාගම ඩොලර් බිලියන 31.4 කට මිලදී ගෙන ඇත.

මෙම ගණුදෙනුව වෙනුවෙන් Nvidia සමාගම විසින් ඩොලර් බිලියන 21.5ක් තම සමාගම් කොටස් වශයෙන්ද, මුදලින් ඩොලර් බිලියන 12ක්ද, ARM ආයතනයේ සේවකයන්ට ඩොලර් බිලියන 1.5ක කොටස් ප්‍රමාණයක්ද සහ ARM සමාගමේ මේ දක්වා ඉලක්කගත ආදායම් වලින් ඩොළර් බිලියන 5ක්ද වශයෙන් ඩොලර් බිලියන 40ක මුදල Softbank සමාගම වෙත ගෙවීමට නියමිතය.

Healthcare, life sciences, robotics, self-driving cars ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට AI research facility නිර්මාණය කිරීමට Nvidia සමාගම අදහස් කරයි. තවද ARM CPU භාවිතයෙන් AI supercomputer නිර්මාණය කිරීමට ද සැලසුම් කොට ඇත.

Nvidia සමාගෙමේ computing capabilities හා ARM සමාගමේ CPU ecosystem භාවිතයෙන් advanced cloud computing, smartphones, PCs, self-driving cars and robotics, to edge IoT හා AI computing ලොව පුරා ව්‍යාප්ත කිරීමට අදහස් කරයි.

මෑතකදී Apple සමාගම ද Intel chipset වෙනුවට, ඔවුන් විසින්ම නිර්මාණය කෙරූ ARM processors එකක්ද නිවේදනයට පත් කරා.

මෙම ගනුදෙනු හේතුවෙන් ARM සමාගමේ දැනට පවතින license model බලපෑමක් ඇති නොවේ. ARM හි විවෘත බලපත්‍ර ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යන බව Nvidia සමාගම සිය මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව දක්වා ඇත.

Sources: Nvidia Newsroom, Forbes, Bloomberg

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara