Smartphones සඳහා GeForce Graphics ගෙන ඒමට MediaTek සහ NVIDIA සමාගම් සූදානම් වේ

MediaTek සමාගම විසින් ඔවුන්ගේ Next-generation Flagship Smart Phone Processors නිෂ්පාදනය සඳහා NVIDIA සමාගමේ GeForce GPU භාවිත කිරීමට සුදානමින් සිටින බවට දක්වන්න පුලුවන්.

Smartphones සඳහා GeForce Graphics ගෙන ඒමට MediaTek සහ NVIDIA සමාගම් සූදානම් වේ

මේ වන විට Smart Phones සඳහා භාවිත වන ප්‍රධානතම Processors වර්ගයක් ලෙස තායිවාන MediaTek සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Processors දක්වන්න පුලුවන්. MediaTek සමාගම දෙසින් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඔවුන් විසින් ඔවුන්ගේ Next-generation Flagship Smart Phone Processors නිෂ්පාදනය සඳහා NVIDIA සමාගමේ GeForce GPU භාවිත කිරීමට සුදානමින් සිටින බවට දක්වන්න පුලුවන්.

ඒ අනුව මෙලෙස වාර්තා වන තොරතුරුවලට අනුව මීලග වසර වන විට බොහෝ විට මේ Processors එළිදැක්විමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන් වන අතරම පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන NVIDIA’s GeForce GPUs ඔස්සේ Smart Phones සඳහා ද සුපිරි Graphics performance එකක් සහ වඩා හොද Machine learning prowess ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිල වශයෙන් මේ සමාගම් විසින් කිසිදු තොරතුරු වාර්තා කිරීමක් සිදු කළ නොමැති අතර ඉදිරි සති කිහිපය තුළද මේ පිළිබඳව තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට හැකිවේ යැයි අප බලාපොරොත්තු වනවා.

Sources: Digitimes Androidauthority Winfuture

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna