Nox Player හරහා Android games ක්‍රීඩා කරන්නන්ගේ පරිගණක වලට Malware ප්‍රහාරයක් සිදුවන බව ESET ආයතනය සොයා ගනී

Nox Player හරහා Android games ක්‍රීඩා කරන්නන්ගේ පරිගණක වලට Malware ප්‍රහාරයක් සිදුවන බව ESET ආයතනය සොයා ගනී

පරිගණකයේ Android ක්‍රීඩා සෙල්ලම් කරන ක්‍රීඩකයන් අතර ජනප්රියත්වයක් උසුලන Android emulator එකක් වන Nox Player නැමති මෘදුකාංගයේ දුර්වලතාවයක් ඔස්සේ සිදු කරගෙන ගොස් තිබූ සයිබර් ප්‍රහාර මාලාවක් සොයාගැනීමට ස්ලෝවැකියානු ආරක්ෂක සමාගම වන ESET සමාගම සමත් වී තිබෙනවා.

Hacker කණ්ඩායමක් විසින් මෙම මෘදුකාංගයේ file-hosting server එකක් (res06.bignox.com) සහ නිල API (api.bignox.com) එකකට අනවසර ප්‍රවේශය ලබා ගෙන ඇති අතර එමගින් ආසියාවේ පරිශීලකයින් කිහිප දෙනෙකුගේ පරිගණක Malware වලින් ප්‍රහාරයට ලක් කිරිමට දැනටමත් කටයුතු කර ඇති බව ESET සමාගම පවසනවා.

Nox Player මෘදුකාංගයේ නිර්මාතෘ සමාගම වන BigNox සමාගම පවසන්නේ මේ වන විටත් Malware සහිත Nox Player එකට යාවත්කාලීන කිරීමක් ලබා දී ඇති බවයි. මෙසේ යාවත්කාලීන කිරීම ලබා දී ඇත්තේ තායිවානය, හොංකොං සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට පමණි. මේ පිලිබදව අදහස් දක්වමින් BigNox සමාගම තව දුරටත් පවසා සිටින්නේ සියලුම Nox Player මෘදුකාංගය භාවිතා කරන්නන් විමසිල්ලෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසයි.

වින්දිතයින් සිටින රටවල් | Source:ESET

කිසියම් හේතුවක් නිසා ඔබේ පරිගණකය hack වීමකට ලක්ව ඇති බව හැගී ගියොත් Nox Player මෘදුකාංගය නැවත reinstall කල යුතු වෙනවා.  පරිගණකය hack වීමකට ලක්ව නොවූ පරිශීලකයින් BigNox සමාගම නැවත දැනුම් දෙන තුරු මෘදුකාංගයේ කිසිදු යාවත්කාලින කිරිමක් සිදු නොකල යුතු වෙනවා.

Source: XDA

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara