Nothing Phone (2a) මාර්තු 5වන දින ඒළිදැක්වීමට නියමිත බව Nothing සමාගම තහවුරු කරයි

Nothing Phone (2a) මාර්තු 5වන දින ඒළිදැක්වීමට නියමිත බව Nothing සමාගම තහවුරු කරයි

Nothing Phone (2a) මාර්තු 5 වන දින නිකුත් කිරීමට සූදානම් බවත් එය කලින් මාදිලිය වූ Nothing Phone (1) ට වඩා මිළෙන් අඩු බවත්, සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී වන Carl Pei නිළ Youtube නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඉගි කරයි.

8GB/128GB සහ 12GB/256GB ලෙස variant දෙකක් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු විය හැකි අතර Mediatek Dimensity 7200-Ultra Chipset එකෙන් බලගැන්වීමට සමාගම තීරණය කර ඇත, කෙසේ වෙතත් කලින් මාදිලි ‌වල මෙන් ‌නොව මෙවර SOC එක ලෙසට Snapdragon SOC එකක් භාවිතා නොකර Mediatek SOC එකක් භාවිතා කිරීමෙන් පෙනීයන්නෙ Budget friendly Device එකක් විදියට වෙළදපළ ආක්‍රමණයට සූදානමකි. 120Hz (FHD+) OLED Panel එක මගින් Butter smooth experience එකක් ලබා ගැනීමට හැකි වේ යැයි විස්වාස කරමු. 50mp බැගින් වූ dual camera system එකක් ලබාදී ඇති අතර, 45W දක්වා වූ Fast charging ලබාදුන්නත් wireless charging ගැන සදහනක් නොමැති අතර එය සදහා දුරකතනය නිකුත් කරන තෙක් ඉවසා සිටීමට ඔබට සිදු වේ.

මිළගනන් ආසන්න වශයෙන් 8GB මාදිලිය $375 ක් පමණ වේ යැයි අනුමාන කළ හැකි අතර, 12GB මාදිලිය $450 ලෙස ආසන්න වශයෙන් කිව හැකිය. කෙසේ වෙතත් මෙම තරගකාරී මිළගනන් සැසදීමෙන් සිතිය හැක්කෙ Nothing සමාගම mid range වෙළදපලටත් තමන්ගෙ පළවන පියවර තැබීමට ලබාගත් උත්සාහයක් ලෙසය.

Source: www.androidauthority.com www.gsmarena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna