Nothing Phone (2) දුරකතනය Snapdragons 8 Gen 1 Processor එක ඔස්සේ බලගැන්වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

Nothing සමාගමේ CEO වන Carl Pei මහතා විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ එළිදැක්විමට නියමිත මේ Nothing Phone (2) එක Qualcomm’s Snapdragon 8+ Gen 1 SoC එක මගින් බලගැන්වෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Nothing Phone (2) දුරකතනය Snapdragons 8 Gen 1 Processor එක ඔස්සේ බලගැන්වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

පසුගිය දිනක Nothing සමාගම විසින් ඔවුන්ගේ නවතම Nothing Phone (2) එක Premium Design එකකින් යුතුව එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විමට නියමිත බවට අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

මීට පැය කිහිපයකට පෙර Nothing සමාගමේ CEO වන Carl Pei මහතා විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ එළිදැක්විමට නියමිත මේ Nothing Phone (2) එක Qualcomm’s Snapdragon 8+ Gen 1 SoC එක මගින් බලගැන්වෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව මේ Smart Phone එක බොහෝ විට ජුනි හෝ අගෝස්තු මාසවලදී එළිදැක්විමට සුදානම් බවත් දක්වන්න පුලුවන්.

ඒ වගේම මීට අමතරව මේ Smart Phone එකේ මිල, පසුගිය Nothing Phone (1) එකට සාපේක්ෂව ඉතා ඉහළ නොයනු ඇති බවත් දක්වන්න පුලුවන්. මේ සඳහා 12GB RAM ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම 120Hz Display Refresh Rate එකකින් සමන්විත Adaptive AMOLED Display එකක් හා 5000mAh Battery එකකිනුත් මේ Smart Phone එක සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Gizmochina Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara