Nothing phone (1) එකට යොදා ගන්නා chipset එක නිලවශයෙන් හෙලි කර​යි

Nothing phone (1) එකට යොදා ගන්නා chipset එක නිලවශයෙන් හෙලි කර​යි

ජූලි 12වනදා Nothing phone 1 device එක එළිදැක්වීමට නියමිත බව අප මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති. මේ දුරකතනය සම්බන්ධව බොහෝ නිල නොලත් තොරතුරු මේ දින වල අන්තර්ජාලය පුරා සොයාගත හැකි වනවා.

Nothing සමාගම Input Mag සමගින් එකතු වී Phone (1) එක සදහා Snapdragon 778G+ SoC Chip Set එක ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙහිදී  Wireless charging හා Reverse charging යන පහසුකම්ද මේ Chipset එක මගින් දුරකථනය වෙත ලබා දී තිබෙනවා. තවමත් TSMC 6nm process නම් තාක්ෂණය මත පදනම්ව පවතින මෙම Chipset එකට බොහෝ specifications ලබා දීමට හැකි වනවා.

සමාගමේ ප්‍රධානියා වන Carl Pei විසින් ප්‍රධාන වශයෙන්  performance, efficiency හා cost යන අංගයන් සදහා පමණක් සිය අවධානය යොමු කර තිබීම මෙම Smartphone එක සදහා mid range එකේ මෙවැනි chipset එකක් තොරා ගැනීමට හේතු වී තිබෙනවා. උපරිම තත්වයේ performance නොතිබුණද තවමත් ප්‍රමාණවත් තරම් performance ලබා දීමට මෙම chipset එක තුලින් හැකි වනවා. පිරිවැය සලකා බැලූ විට මෙම Soc chipset එක සමගින් Nothing phone (1) එකට සාධරණ වටිනාකමක් ගෙන දෙමින් වැඩි පාරිභෝගිකයන් පිරිසකට මිලදී ගැනීමට හැකියාව ලබා දෙනවා.

මේ Smartphone එක කළු පැහැයෙන් යුක්ත වන බව අන්තර්ජාලය වෙත නිකුත් වූ ඡායාරූප තුළින් බලාගත හැකි වනවා. තවද එය සුදු සහ කළු වර්ණවලින් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

Phone 1 එකෙහි අනෙකුත් විශේෂාංග ලෙස 50MP පසුපස Camera දෙකක්ද, 45W Fast charging පහසුකමද හඳුන්වා දෙන්න පුළුවන්. තවද මෙය Android 12 මත පදනම් වූ Nothing OS එක සමගින් බලගැන්වෙනවා.

Sources: GSMArena Marshable India Beebom

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara