Phone 2a නමින් නව Mid-range Smartphone එකක් Nothing සමාගමෙන්?

Nothing Brand එකට ආදරය කරන ඔබට වගේම Mid-Range Device එකක් විදිහට Nothing Smartphone එකක් පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ News එක.

Phone 2a නමින් නව Mid-range Smartphone එකක් Nothing සමාගමෙන්?

Nothing Smartphones සඳහා ආදරය කරන පිරිසක් මේ වන විට ලංකාව තුළත් සිටින බව අප දන්නවා. ඒ අනුව Nothing Brand එකට ආදරය කරන ඔබට වගේම Mid-Range Device එකක් විදිහට Nothing Smartphone එකක් පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ News එක.

මේ වන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Nothing සමාගම විසින් ඔවුන් පසුගිය වර නිකුත් කළ Nothing Phone 2 Smartphone එකට වඩා මිලෙන් අඩු නව A Series Smartphone එකක් නිකුත් කිරීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව බොහෝ විට මේ නව Smartphone එක Nothing Phone 2a ලෙසින් හැදින්වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව අගල් 6.7ක 120Hz AMOLED Display එකකින් සමන්විත විය හැකි වනු අතර මෙය Punch Hole Display එකක් වනවා. Selfie Camera එක සඳහා 16MP Lens එකක් ද Rear Camera එක සඳහා 50MP Main Lens එකකින් සමන්විත Dual Camera Setu එකක් ද ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ වගේම මෙය සඳහා 4,920mAh battery එකකුත් ලබා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.

Image Source- Android Authority

මෙය පෙනුමෙන් Nothing Phone 1 Design එක මෙන් විය හැකි අතර Display එක Punch Hole Display එකක් වනු ඇත. එමෙන්ම මෙය Android 14 සහ Nothing OS 2.5 සමඟින් නිකුත් වනු ඇති අතර මිල ඩොලර් 350-450 පමණ විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තවමත් මේ Nothing Phone 2a Chipset එක පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර ඉදිරි දින කිහිපය තුළ මේ Smartphone එක පිළිබඳව තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

Sources: androidauthority.com gadgets360.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara