Wireless FM Radio සහ Music Player සමඟින් නවතම Nokia 106 එළිදැක්වේ

HMD Global සමාගම විසින් 2023 වසර නිකුත් කර තිබෙන Nokia 106 මින් පෙර නිකුත් වු Nokia 105 හි මීලග Feature Phone එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. Nokia 105 සමන්විත වු සියලුම Featuresවලින් මෙය සමන්විත වෙන අතර අමතරව මේ Feature Phone එක සඳහා MP3 player එකක් ඇතුළත් කර තිබෙනවා.

Wireless FM Radio සහ Music Player සමඟින් නවතම Nokia 106 එළිදැක්වේ

ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියතම Feature Phones Brand එක ලෙස Nokia Feature Phones දක්වන්න පුලුවන්. ඒ අතුරිනුත් Nokia 105 Feature Phone එක විශේෂයෙන්ම දක්වන්න පුලුවන්.

ඒ වගේම ඔබට මතක ඇති පසුගිය 2021 වස⁣රේදී HMD Global සමාගම විසින් Nokia 105 Feature Phone එකේ 4G Version එකකුත් නිකුත් කළ බව. නමුත් මෙය අප රට තුළ නම් එතරම් අලෙවි වීමක් සිදු වුයේ නැ.

HMD Global සමාගම විසින් 2023 වසර නිකුත් කර තිබෙන Nokia 106 මින් පෙර නිකුත් වු Nokia 105 හි මීලග Feature Phone එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. Nokia 105 සමන්විත වු සියලුම Featuresවලින් මෙය සමන්විත වෙන අතර අමතරව මේ Feature Phone එක සඳහා MP3 player එකක් ඇතුළත් කර තිබෙන අතර මේ මඟින් සංගීතය සඳහා සවන් දීමට SD Card පතක් ඇතුළත් කළ යුතු වෙනවා. මීට අමතරව මේ සඳහා Voice Recording පහසුකම සහ Wireless FM Radio පහසුකමත් ලබා දී තිබෙනවා.

Red, Cyan සහ Black යන Colours Option තුනෙන් නිකුත් වී තිබෙව මේ Feature Phone එක ඔස්සේ පැය 12 කතා කාලයක් සහ දින 22 පමණ Standby කාලයක් එක Charge කිරීමක් ඔස්සේ ලබා ගත හැකියි. එමෙන්ම මේ Nokia 106 Feature Phone එක සඳහා Contact 2,000 සහ SMS 500 ක පමණ මතක ධාරිතාවයක් ද ලබා දී තිබෙනවා. ඒ වගේම සුපුරුදු පරිදි Snake Game එකේ Updated Version එකක් ද ලබා දි තිබෙනවා.

Sources: Nokia

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara