Nokia සමාගමේ Video Innovation Patents භාවිතා කිරීම සඳහා Samsung සමාගම Nokia සමාගම සමඟ ගිවිසුම් ගත වේ

Nokia සමාගමේ Video Innovation Patents භාවිතා කිරීම සඳහා Samsung සමාගම Nokia සමාගම සමඟ ගිවිසුම් ගත වේ

Samsung සමාගම හා Nokia සමාගම විසින් Video Standards සදහා වන Patent Licensing Agreement එකක් සදහා අත්සන් කර තිබෙනවා. මේ Agreement එකට අනුව Samsung සමාගමට Nokia සමාගමේ Video Innovations Patents භාවිත කිරිමට හැකි වෙන අතරම ඒ සදහා Nokia සමාගම වෙත මුදල් ගෙවිමක් ද Samsung සමාගමෙන් සිදු වෙනු ඇත.

Nokia සමාගම විසින් ඔවුන්ගේ Video Technology සදහා පසුගිය කාලයේදා Technology & Engineering Emmy Awards හතරක් ද ලබා ගත්තා. ඒ වගේම Nokia සමගම විසින් පසුගිය වසර 20ක කාලය ඇතුලත විවිධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සදහා යුරෝ බිලියන 129කට අධික මුදලක් ආයෝජන කර තිබෙනවා. මේ වසර 20ක කාලය තුළ ඔවුන් පේටන්ට් බලපත්‍ර 20000කට අධික සංඛ්‍යාවක් ලබා ගැනිමට සමත් වි ඇති අතර ඉන් 3500ක් පමණ 5G තාක්ෂණය හා සම්බන්ධ පේටන්ට් බලපත්‍ර වෙනවා.

Samsung හා Nokia සමාගම්වල හවුල්කාරිත්වයන් මිට පෙරත් සිදු වි තිබෙනවා. ඒ අනුව 2013 වසරේදිත් වසර 05ක් සදහා මෙවැනිම ගිවිසුමක ඇති කර ගැනිම සිදු වුවා. Nokia සමාගම විසින් 2016 දි Patent license Arbitration හිමිකර ගැනිමත් සමග නැවත Samsung සමාගම විසින් ඔවුන්ගේ ගිවිසුම දිගු කරනු ලැබුවා. ඉන් පසු නැවත 2018දිත් මේ පේටන්ට් බලපත්‍ර සදහා වෙන ගිවිසුම දිර්ඝ කරනු ලැබුවා

Source : Gsm Arena, Reuters

Read more

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය කියන්නේ මොක්කද යන්න. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස

By Bhasura Nuwan Kularathna
ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්

By Bhasura Nuwan Kularathna
Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එකට පැමිණීම සිදුව තිබෙනවා.

By Bhasura Nuwan Kularathna