HMD Global සමාගම පැරණි Nokia 6300 හා Nokia 8000 යන දුරකථන වල නව මාදිලි නිකුත් කිරීම සඳහා සූදානම් වන ලකුණු

Nokia කියන Brand එක ප්‍රසිද්ධ වුනේ Smartphone නිසා නෙවෙයි. ඔවුන්ගේ පැරණි Feature phones නිසාවෙන්.

HMD Global සමාගම පැරණි Nokia 6300 හා Nokia 8000 යන දුරකථන වල නව මාදිලි නිකුත් කිරීම සඳහා සූදානම් වන ලකුණු

HMD Global සමාගම සතු වෙන NOKIA වෙළදනාමය යටතේ ඔවුන් Android OS එකෙන් යුතු Smartphone වෙළදපොලට නිකුත් කරමින් සිටිනවා. ඒ අනුව පසුගිය දිනක ඔවුන් නවතම අඩුමිල Nokia 2.4 හා 3.4 කියන Devices දෙක නිකුත් කරන්න ක⁣ටයුතු කලා. හැබැයි Nokia කියන Brand එක ප්‍රසිද්ධ වුනේ Smartphone නිසා නෙවෙයි. ඔවුන්ගේ පැරණි Feature phones නිසාවෙන්. දැන් වෙනකොට Nokia සමාගම විසින් මේ පරණි Feature phones අලුත් තාක්ෂණය සහිතව වෙළදපොලට ඉදිරිපත් කරන්න සුදානම් වෙන බවට තොරතුරු පල වෙනවා. මේ පිළිබඳව Twitter Leaker කෙනෙක් වෙන Roland Quandt විසින් Tweet එකක් පල කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් Nokia 6300 4G හා Nokia 8000 4G ලෙස ඔවුන්ගේ පැරණි Feature phone දෙකක් නැවත 4G Network Connectivity එකත් සමග නිකුත් කරන්න සුදානමින් ඉන්න බව දැන ගන්න ලැබෙනවා. මේ Phone දෙකම KaiOS එක මගින් බලගැන්වෙනවා.

Nokia 6300 4G

මේ අලුත් Nokia 6300 4G කියන Phone එක පැරණි Nokia 6300 Model එක අනුව නිර්මාණය වෙනවා. මෙය Dual SIM 4G Phone එකක්. මෙහි Display එක අගල් 2.4 වන අතර Single core processor එකකින් සමන්විත මෙය සදහා 4MB RAM එකක් හා 512MB Internal Storage එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම මේ සමග 32GB දක්වා Micro SD කාඩ්පත් භාවිත කල හැකියි.

NokiaPowerUser වෙබ් අඩවියට අනුව මේ Phone එක මිලිමීටර 53 x 131.4 x 13.7 ප්‍රමාණයෙන් යුතු වෙන අතරම 104.7g බරකින් යුතු වෙනවා. Battery Capacity එක 1,500mAh පමණ වෙනවා. මේ Phone එකත් සමග LTE, GSM/WCDMA, BT v4.0, GPS, GLONASS හා Micro-USB port එකක් ලබා දි තිබෙනවා. මෙය Charcoal, Cyan හා White Colorsවලින් නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Nokia 8000 4G

මෙය පැරණි Nokia 8000 Model එකේ නව Version එක විදිහට දක්වන්න පුළුවන්. මෙය අගල් 2.8ක Display එකකින් සමන්විත වෙන අතර Dual SIM 4G Phone එකක් වෙනවා. මෙහි Battery Capacity එක 1,500mAh පමණ වෙනවා. මේ Phone එකත් 4MB RAM එකක් හා 512MB Internal Storage එකක් සමග නිකුත් කිරිමට කටයුතු කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම 32GB දක්වා Micro SD කාඩ්පත් මගින් Storage එක වැඩි කර ගැනිමටත් හැකියාව ලැබෙනු ඇත.

මේ 8000 4G Phone එක සමගත් LTE, GSM/WCDMA, BT v4.0, GPS, GLONASS හා Micro-USB Port එකක් ලබා දි තිබෙනවා. මෙය මිලිමීටර 56.5 x 132.2 x 12.3 පමණ ප්‍රමාණයෙන් යුතු වන අතර 110g බරකින් යුතු වෙනවා. මෙය අපිට Black, Gold, Blue හා White කියන Coloursවලින් ලබා ගැනිමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina, NokiaPowerUser

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara