HMD Global සමාගම විසින් Nokia 110 4G සහ 105 4G නම් වූ නවතම 4G feature phones දෙකක් එලිදැක්වීමට කටයුතු කරයි

HMD Global සමාගම විසින් Nokia 110 4G සහ 105 4G නම් වූ නවතම 4G feature phones දෙකක් එලිදැක්වීමට කටයුතු කරයි

HMD Global සමාගම කියන්නේ Nokia Brand එක මගින් Feature Phones වෙළඳපොල සදහා නිකුත් කරන ප්‍රධානතම සමාගම වෙනවා. මොවුන් විසින් වසරකට මිලියන ගණනක Feature Phones ලොවපුර අලෙවි කරනු ලබනවා. මේ වසරේ පළමු කාර්තුව තුලදි පමණක් මොවුන් විසින් මිලියන 11කට අධික Feature Phone ප්‍රමාණයක් ලොවපුරා බෙදාහැර තිබෙනවා.

HMD Global සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම Feature Phones වෙන Nokia 105 4G හා Nokia 110 4G Phones දෙක මේ වෙන විට හදුන්වා දි තිබෙනවා.

Nokia 110 4G & 105 4G

හදුන්වා දි ඇති මේ Feature Phones දෙකේ ඇති ප්‍රධානතම විශේෂත්වය වෙන්නේ 4G Connectivity එක ලබා දි තිබිමයි. මේ Devices දෙකම High Quality HD Voice Calls එනම් VoLTE සදහා සහය දක්වනු ලබනවා. කෙසේ වෙතත් මේ Feature Phones සදහා Wi-Fi හෝ Hotspot පහසුකම් නම් ලබා දි නොමැති වෙනවා.

Nokia 105 හා Nokia 110 දුරකථන 2019 වසරේදි මුල්වරට හදුන්වා දුන් අතර ඒවා 2G Connectivity එක යටතේ පමණක් ක්‍රියාත්මක විම සිදු වුවා. මේ නව Nokia 105 හා 110 දුරකථන සදහා LTE Connectivity එක ලබා දිමට අමතරව මේ නම Devicesවල Design එකද සම්පුර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා.

Nokia 105 4G
Nokia 110 4G

මේ Devices දෙක සදහා අගල් 1.8ක 120 × 160 Pixel Resolution එක සහිත Display ලබා දි ඇති අතර Nokia 110 4G Device එක සදහා පමණක් Single Camera Setup එකක් ලබා දි තිබෙනවා. ඒ වගේම මේ Devices දෙකම 3.5mm Headphone jack සහිත වෙන අතරම MicroSD මගින් 32GB දක්වා Internal Storage එක ඉහල දැමිය හැකි වෙනවා. පෙර Nokia 105 හෝ 110 Devicesවල මෙන් FM Radio ක්‍රියාකාරිත්වය සදහා Headphone jack එක Device එකට Plug කිරිම අත්‍යාවශ්‍යම වෙන්නේ නැ. ඒ වගේම මේ Devices දෙක සදහාම LED Flashlight එකකුත් ලබා දි තිබෙනවා.

නව Nokia 105 4G හා 110 4G Devices සදහා 1020mAh Battery එකක් ලබා දි ඇති අතර Voice Calls සදහා පැය 05ක කාලයක් සදහාත් 2G Network මගින් නම් පැය 16ක් දක්වා භාවිත කල හැකි වෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

නව Nokia 105 4G Device එක Black, Blue හා Red Coloursවලින් ද නව Nokia 110 4G Device එක Black, Yellow හා Aqua Coloursවලින් ද වෙළඳපොලට නිකුත් වෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් මේ නව Nokia Feature Phones වෙළඳපොල වෙත නිකුත් වෙන දිනයක් හෝ මේවාගේ මිල ගණන් පිළිබඳව HDM Global සමාගම විසින් ප්‍රකාශ කර නොමැති අතර මිල ගණන් ආසන්න වශයෙන් Nokia 105 4G යුරෝ 34.90 කුත් Nokia 110 4G යුරෝ 39.90 කුත් වෙනු ඇත.

Source : Nokia, Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara