Instagramහි බිඳ වැටීමක් නිසා ලොව පුරා වෙසෙන පරිශීලකයන්ගේ ගිණුම් රැසක් අතුරුදහන් වේ, Instagram යලි යථා තත්වයට

Instagramහි බිඳ වැටීමක් නිසා ලොව පුරා වෙසෙන පරිශීලකයන්ගේ ගිණුම් රැසක් අතුරුදහන් වේ, Instagram යලි යථා තත්වයට

මීට සුලු වේලාවකට පෙර ලොව ප්‍රමුඛ සමාජ ජාලා යෙදවුමක් වන Instagram යෙදවුමේ පරිශීලකයන්ගේ ගිණුම් තුළට Log in වීමේ ගැටලුවක් වාර්තා වු අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පරිශීලකයන් සඳහන් කරනු ලබන්නේ තම ගිණුම් වෙතට ඇතුල් වීමේදී එම ගිණුම අත්හිටුවා ඇති බවට සඳහන් කිරීම නිසා අපහසුතාවයට පත් වු බවයි.

මෙලෙස Instagram ජාලය වෙත පිවිසීම සඳහා බාධා ඇතිවීම Mobile App එක සඳහා පමණක් සීමා නොවන බවත්, එය Web Browser හරහා ද දිගින් දිගටම සිදුවන බවත් පරිශීලකයන් සඳහන් කරනු ලබනවා.

මෙම දෝෂය පිළිබඳව මේ වන විටත් Instagram විසින් තම Twitter ගිණුම හරහා දැනුම් දී ඇති අතර ඉන් සඳහන් කරනු ලබන්නේ Instagram ජාලය තුළ පරිශීලක ගිණුම් සඳහා පිවිසීමේ ගැටලුවක් පැනනැගී ඇති බවත් එම දෝෂය හේතුවෙන් සිදුවූ අපහසුතා සඳහා පරිශීලකයන් ගෙන් සමාව අයදින බවයි.

මෙම අසාමාන්‍ය තත්වයට අමතරව ඇතැම් පරිශීලකයන් සඳහා ලැබී ඇති පණිවුඩය වන්නේ ඔවුන් Instagram හි ඇති Community Guidelines උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත්, තවත් දින 30 ක කාලයක් තුළ Instagram විසින් පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට මැදිහත් වන බවත්ය. එසේම එලෙස තම අනන්‍යතාවය තහවුරු කිරීමට අපහසු වන්නේ නම් එම ගිණුම් ස්ථිරවම ඉවත් කරන බවටත් එහි සඳහන් වන බව පරිශීලකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ Screenshots පළ කරමින් සඳහන් කර තිබෙනවා දැක ගන්න පුලුවන්.

කෙසේ වෙතත් පසුගිය දා WhatsApp සමාජ මාධ්‍යයේ සිදුවූ බිඳ වැටීම මෙන්ම මෙම බිඳ වැටීම පිළිබඳවද Downdetector වෙබ් අඩවිය ඔස්සේ පරිශීලකයින් විශාල ප්‍රමාණයක ප්‍රතිචාර දක්වමින් අදහස් පළ කර ඇත. මෙම ප්‍රතිචාර වලට අනුව බොහෝ පරිශීලකයන්ගේ ගැටලුව වී ඇත්තේ Instagram App එකට පිවිසීමට අපහසුතා ඇති වීමත් තම ගිණුම වෙත පිවිසීමට ගැටලු ඇතිවීමත් ය.

මේ වන විට මේ ගැටළුකාරී තත්වය මඟ හරවා ගනිමින් පෙර පැවති ආකාරයටම තම සේවාව ලබා දීමට Meta වෙත හැකියාව ලැබී තිබෙනවා.

Sources: www.bloomberg.com 9to5mac.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara