ලෝකෙටම 50ක් පමණක් නිපදවෙන Nissan GT-R (Godzilla)

ලෝකෙටම 50ක් පමණක් නිපදවෙන Nissan GT-R (Godzilla)

Nissan GT-R (Godzilla) නිසාන් සමාගමේ වේගවත්ම රථ මාදිලිය ලෙස හඳුන්වනු ලබන මෙය 2007 දෙසැම්බර් මාසයේදී Tokyo Motor Show හීදී මුල් වරට ලෝකයට හඳුන්වාදෙනු ලැබීය.ජපානයේ නිශ්පාදනය කරන මෙම රථය ක්‍රීඩා මෝටර් රථ ගණයට අයත් වේ(Sports Car). මෙය දොර 2කින් පමණක් සමන්විත අතර ආසන 4ක් (2  door 2+2 coupe)  සහිතව ඉදිරිපත් කර ඇත.මෙම GT-R රථයේ ඉදිරිපස එන්ජිම ස්ථාපනය කර ඇති අතර රෝද හතර සඳහාම බලය සපයනු ලැබේ(All-wheel drive).මෙම ගොඩ්සිලා 3.8L Twin-Turbocharged V6 එන්ජිමකින් පණ ලබයි.Nissan GT-R රථය ගියර් 6කින් සමන්විත වන අතර ද්විත්ව ක්ලච් පද්ධතියකින් සමන්විත වේ(Dual clutch transmission).2009 සිට 2012 දක්වා කාලය තුල මෙහි දිග,පළල සහ උස පහතින් දැක්වේ.

මිනුම් (Measurements)

මෙම කාල වලදී මෝටර් රථයේ බරෙහි වෙනසක් සිදුවී නොමැති අතර එය සටහන් වන්නේ 1740kg (3840lb) ලෙසය.

GT-R NISMO

2014 වසරේදී මෙහි වඩා වැඩිදියුණු කරනලද මාදිලියක් ලෙස GT-R NISMO එළිදක්වනු ලැබීය.මෙහිදී මෙම රථයට 0-97km/h (0-60mph) ළඟාවීමට තත්පර 2.5ක පමණ කාලයක් ගතවීම සුවිශේෂත්වයකි.පසුව GT-R NISMO N-Attack ලෙස විශේෂ(Special Edition) මාදිලියක් නිපදවනු ලැබිණි.එය Nurburgring හී වටයක් සඳහා ලබාගත් වේගවත්ම කාලයෙහි ලෝක වාර්තාවටද හිමිකම් කියනු ලබයි.  

GT-R50

2018 වසරේ 50වන සංවත්සරය සමරන GT-R මාදිලිය ඔවුන්ගේ නව සීමාසහිත රථය (Limited Edition) මෙම වසරේදී නිවේදනය කරන ලදි. එය GT-R50 ලෙස නම් කර ඇති අතර මෙම රථ 50ක් පමණක් නිශ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara