Phone එකත් එක්ක නින්දට යන ඔබට

Phone එකත් එක්ක නින්දට යන ඔබට

නූතන ජීවන රටාවත් එක්ක ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙනවා රෑට නින්දට යන විටත් ජංගම දුරකතනය බාවිතා කරන්න. නමුත් Lights නිවා දැමූ පසු Phone Screen එකේ එලිය ඔබේ නින්ද ගෙන ඒම අඩපන කරනවා.

මෙහිදී තිරයෙන් නිපදවෙන සුදු/නිල් එලිය මගින් මොලයේ නින්ද ඇති කරනු ලබන Melatonin හෝමෝනය තාවකාලිකව නවත්තනු ලබනවා.

iPhone එකේ ඇති Night Shift පහසුකම මගින් පහසුවෙන් තිරයේ නිපදවෙන සුදු/නිල් වර්න කපා දැමිය හැකී. මෙමගින් ඔබ විදුලි පහන් නිවා දමා අදුරේ සිට දුරකතනය බාවිතා කිරීමේදී ඔබ නොදැනුවත්වම නිදිබර ස්භාවය ඇති කරයි.

iPhone එකේදී මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා

Settings —> Display & Brightness —> Night Shift

හෝ

Control Centre —> Haptic Touch on Display —> Turn On Night Shift

එසේම Color Temperature එකත් මෙහිදී වෙනස් කර ගත හැකී. Automatically මෙය ක්‍රියාත්මක කිරීම සඳහා Schedule On කරන්න. එහිදී හිරු උදාව සහ හිරු බැසීමේ වෙලාව අනුවද මෙය සක්‍රිය කර ගැනීමට හැකියි.

ඔයත් රෑට iPhone එක අරන් ඇදට යන කෙනෙක් නම් මේක කරලා බලන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara