YouTube වීඩියෝ අලුත්ම විදියට බලන්න, NewPipe!

YouTube වීඩියෝ අලුත්ම විදියට බලන්න, NewPipe!

YouTube කියන දේ කවුද නොදන්නෙ? අපි දවසකට එක වතාවක් හරි YouTube එකට යනවා. අපි පාවිච්චි කරන්නෙ Android device එකක් නම්, අපි අනිවාර්යෙන් දවසකට දෙතුන් වතාවක්ම ඕක ඕපන් කරනවා. අපි ඔච්චරටම භාවිතා කරන YouTube Android App එකේ අවුල් ගොඩක් තියෙන බව ඔයාලට අලුතෙන් කියන්න ඕන නැතුව ඇති. ඒ වුණත්, එයින් ටිකක් හරි මම කියන්නම්.

පළමු අවුල තමයි නිමක් නැති Ads. ඕවා නිසා අපේ ඩේටා ටික ඉක්මනට ඉවර වෙනවා. ඒ වගේම අපි ආස වීඩියෝ එකක් බල බල ඉන්නකොට Ads පේන්න ගත්තම ඒක මළ වදයක් නෙ.

ඊළඟ අවුල තමයි අපිට YouTube Android app එකෙන් වීඩියෝ Download කරගන්න බැරි වීම. අලුතින් Download option එක දීලා තිබුණත් ඒ download කරන වීඩියෝස් අපිට වෙන ප්ලේයර් එකකින් බලන්න වත්, වෙන device එකකට transfer කරන්න වත්, යාළුවෝ එක්ක බෙදාහදා ගන්න වත් බැහැ නෙ.

තුන් වෙනි අවුල තමයි අපි ආස සිංදුවක් අහන්න ඕන වුණොත් ඒක අහන්නත් display එක ඔන් කරගෙනම ඉන්න වෙන එක. අපිට YouTube Android app එකේ සිංදුවක් අහන ගමන් වෙන වැඩක් කරන්න අමාරුයිනෙ. ඇප් එක background කරපු ගමන් වීඩියෝ එකත් නවතිනවා, ඒ එක්කම ඕඩියෝ එකත් නවතිනවා.

අනික් අවුල තමයි YouTube App එකේ සයිස් එක. RAM එක අඩු ෆෝන් එකකට කොහෙත්ම ඒ ඇප් එකේ සයිස් එක ඔරොත්තු දෙන්නෑ. මෙකී නොකී බොහෝ දෝෂ තියෙන YouTube App එකට බායි කියලා අර කලින් කිව්ව අවුල් ඔක්කොටම බොහොම සාර්ථකව විසඳුම් සපයලා තියෙන App එකක් ගැන එහෙනම් මම දැන් කියන්නම්.

ඒ ඇප් එක තමයි NewPipe. නොමිලේ ලබාදෙන, විවෘත කේත (Open Source) App එකක් වන මේ Android App එක නිසා YouTube App එකෙන් වෙන හිසරද බොහොමයක් නැති කරගන්න පුළුවන්.

මේ NewPipe App එක F-Droid Store එක හරහා බොහොම පහසුවෙන් බාගන්න පුළුවන්. මම කලින් ලිපියක F-Droid Store එක ගැන පැහැදිලි කළා, ඒක තාමත් බලලා නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න. F-Droid App එක ඉන්ස්ටෝල් කරගෙන නැත්නම්, NewPipe App එකේ F-Droid Web පිටුවට පිවිසිලා, ඒ පිටුවේ පහළ තියෙන Downlaod APK කියන ලිංක් එකෙන් NewPipe App එකේ APK file එක dirct download කරගන්න පුළුවන්. මේ NewPipe App එක ගැන වැඩි විස්තර ඕන අය මෙන්න මෙතනින් යන්න. මේ ඇප් එකේ GitHub පිටුවට යන්න ඕන නම් මෙතනින් යන්න.

වෙනදා වගේම, මම පහළින් NewPipe App එකේ Screenshots ටිකක් දාන්නම්. එහෙනම්, තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු!

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara