Windows 11 සඳහා වන නව Media Player එක beta channel එකේ සිටින Windows Insider පරිශීලකයන් වෙත නිකුත් කිරීම​ට කටයුතු කර​යි

Windows 11 සඳහා වන නව Media Player එක beta channel එකේ සිටින Windows Insider පරිශීලකයන් වෙත නිකුත් කිරීම​ට කටයුතු කර​යි

Microsoft සමාගම විසින් Windows 11 සඳහා ඇති Media Player එක Redesign කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ නවමු App එක මේ වන විට Windows 11 Beta Channel එක වෙත ලබා දීමට ද Microsoft සමාගම පියවර ගෙන තිබෙනවා.

මේ නව Media player එක Windows 11හි Default music player එක වන Groove Music app එක සහ Default Video player එක වන Movies & TV App එක වෙනුවට භාවිතා කළ හැකි වනවා.

මෙම නව Media player එකෙහි UI එක Groove Music සහ Movies & TV App දෙකෙහි UI වලට තරමක් සමාන වන අතර මේ සඳහා කිසිදු පහසුකමක් අලුතින් හඳුන්වා දී නැත. නමුත් ඔබට අවශ්‍ය සියලුම පහසුකම් මෙහි අන්තර්ගත වනවා.

Classic Windows Media Player එක අහිමි වීම ගැන ඔබ කරදර විය යුතු නැත. එය තවමත් Start Menu එකෙහි Windows Tools Folder එක තුළ සැඟවී තිබෙනවා.

Microsoft සමාගම විසින් පවසනුයේ මේ Media Player එක සියලුම Windows 11 පරිශීලකයන් සඳහා නිකුත් කළ පසු ලබා ගත හැකි වනුයේ ඒ වන විට ඇති නවතම Update එක Install කළ පරිශීලකයන්ට පමණක් බවයි. එසේ නොමැතිව මෙය Windows 11 පරණ Version භාවිතා කරන පරිශීලකයන් වෙනත් වෙබ් අඩවියකින් බාගත කරගෙන install (Sideload) කළද මෙය ක්‍රියාත්මක නොවන බවත් දන්වා ඇත. කෙසේ නමුත් මේ නව Media Player App එක ලොව පුරා සියළුම Windows 11 පරිගණක සඳහා නිකුත් කරන දිනයක් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නැත.

Source: XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara