Windows 11 EdgeOS නම් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳව වාර්තා වූ පුවත් සාවද්‍ය බව වාර්තා ​වේ

Windows 11 EdgeOS නම් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳව වාර්තා වූ පුවත් සාවද්‍ය බව වාර්තා ​වේ

Microsoft Windowsහි ඉදිරියට පැමිණෙන හා සිදු කිරීමට නියමිත බොහෝ දේවල් පිළිබඳව බොහෝ නිවැරදි පුවත් ගෙන එන Fire Cube විසින් ඉදිරියේදී එන Windows 11 මත පදනම් වූ "EdgeOS" Beta නම් වූ නව මෙහෙයුම් පද්ධතියක් පිළිබඳව ව්‍යාජ Screenshot එකක් පළ කර තිබෙනු පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල පළ වුවා.

මෙය හිතාමතාම සංස්කරණය කළ එකක් වන අතර Microsoft Windows හි සැබෑ තරඟකරු Google Chrome OS බවත්, මේ සඳහා තරඟ කිරීමට මෙවන් EdgeOS නම් වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන බවට නොමඟ යැවීමට මෙය පළ කරන ලද්දක් බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

Fire Cube විසින් Tweet එකක් පළ කරමින් මේ පිළිබඳව දැනුම් දී තිබුණේ මේ ආකාරයෙනි.

ඉහත Screenshot එක Run එකෙහි winver ලෙසින් type කළ විට ලැබෙන about windows නම් window එකෙහි සංස්කරණය කරන ලද්දක් බව පෙනේ. මන්ද යත් පළමු පේළියේ සඳහන් වන OS Build number එක සඳහා Microsoft සමාගම විසින් කිසි විටෙකත් මෙවන් ආකාරයේ build numbers යොදාගන්නේ නැත.

Redmond නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා විසින් Microsoft Edge Browser එක සඳහා පසුගිය මාස කිහිපය තුළ අනවශ්‍ය විශේෂාංග එකතු කර එය කුඩා මෙහෙයුම් පද්ධතියක් ලෙසට පත් කළ ඇති බව අනුමාන කළ නිසා මේ Fire Cube විසින් මෙවන් Edge OS එකක් පිළිබඳව සිතන්නට ඇතැයි පුළුවන්.

Sources: Neowin Fire Cube on Twitter

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna