ජංගම දුරකතනයක පාලනය හැකර්වරුන්ට ලබා ගත හැකි ආකාරයේ වෛරසයක් WhatsApp Pink නමින් පැතිර යයි

WhatsApp සඳහා කලින් කලට එන වෛරස, මැල්වෙයා අතරට දැන් තවත් අලුත් වෛරසයක් එකතු වී තිබෙනවා.

ජංගම දුරකතනයක පාලනය හැකර්වරුන්ට ලබා ගත හැකි ආකාරයේ වෛරසයක් WhatsApp Pink නමින් පැතිර යයි

කොතරම් ලොකු සමාගමක රැකවරණය තිබුනත්, කෙතරම් පෞද්ගලිකත්වය ගැන කතා කලත්, WhatsApp සඳහා දිනෙන් දින එන විවිධ අවදානම් වල නම් අඩුවක් දකින්න නැති තරම්.

මේ එලෙස පැමිණි අලුත්ම malware එකක් වන WhatsApp Pink ගැනයි. දැනට හඳුනාගෙන ඇති ලෙසට මෙම වෛරසය පැතිරෙන්නේ groups වලට එන APK link එකක් ආධාරයෙන්.

වෛරස් පතුරවන්නන් මෙය ඉදිරිපත් කරන්නේ WhatsApp සඳහා නව පෙනුමක් ලබා දෙන යෙදුමක් ලෙසයි. පරණ පුරුදු කොළ පැහැය වෙනුවට නව රෝස පැහැ theme එකක් ලබාගන්න මෙය install කරන්න කියා ඔවුන් කියනවා.

Security researcher කෙනෙක් වන Rajshekhar Rajaharia විසින් මේ පිළිබඳ පළමුවරට හෙළි කළේ, හැකර්වරු මෙය ප්‍රවර්ධනය සඳහා screenshots ද සකසා ඇති බව පෙන්වමින්.

ඔබට නම් බැලු බැල්මට මෙහි කිසිම 'නිල' භාවයක් පෙන්නේනේ නැති බව අප දන්නවා. නමුත් තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති අයවලුන් ඉලක්ක කළ යෙදුමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

රෝස පැහැයම ප්‍රවර්ධන කිරීම මගින් මෙය කුඩා ගැහැණු ළමුන් හා එවැනි කණ්ඩායම් ඉලක්ක කර ඇති බව සිතන්න හැකි නිසා විශේෂයෙන් මේ පිළිබඳ දැනුවත්වීමක් අවශ්‍ය වනවා.

මොකද Rajaharia මහතා කියන ලෙසට වෛරසයේ නිර්මාපකයින්ට මේ හරහා device එකේ සම්පුර්ණ පාලනය (කැමරා ඇතුළුව) ලබා ගන්නට හැකියාව තිබෙනවා. එම නිසා මේ පිළිබඳව හැකි තරම් දැනුවත් කරන්න.

Source: Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara